harin-fernando-nawaloka-bypass

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රෝහල් ගත කරන ලද බව වාර්තා විය.


මීට ටික කලකට ඉහතදී ඔහු රෝහල් ගත කර තිබුනේ හෘදයේ නාලිකා ආශ්‍රිත ගැටලුකාරී තත්වයක් නිසාය එම අවස්ථාවේ ඔහුට ස්ටෙන්ට් සැත්කමක් සිදු කරනු ලැබූ නමුත් මාස කිහිපයකින් පසු එය ප්‍රමාණවත් නොවී ඔහුගේ පපුවේ වේදනාවන් දීර්ඝ වශයෙන් මතුවිය.
මේ හේතුවෙන් මීට දින දෙකකට පෙර හරින් මන්ත්‍රීවරයා නැවත නවලෝක රෝහලට පැමිණ වෛද්‍යවරුන් හමුවූයේ  දිගින් දිගටම හෘදයේ වේදනාවන් ආ නිසාය.
ඔහු ඊයේ රෝහලට ඇතුළත් කරන ලද අතර එන්ජියොග්‍රැම් පරීක්ෂණයක් සිදු කිරීමේදී තත්වය තරමක් සංකීර්ණවී ඇති බව අවබෝධවී තිබෙයි.

තවත් ස්ටෙන්ට් සැත්කමක් ප්‍රමාණවත් නැති බවත් මෙවර බයිපාස් සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය බවත් වෛද්‍යවරුන් දන්වා ඇත.
සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හරින් ප්‍රනාන්දු මහතා ඊයේ  සවස රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවය.
හරින් ප්‍රනාන්දු මහතා ට බයිපාස් සැත්කමක් සඳහා භාජනය කිරීමට නියමිත බවත් රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් තහවුරු කළේය. මෙම සැත්කම තරමක් සංකීරණ වන අතර එය සිදු කළ පසු මන්ත්‍රීවරයාට මාස කිහිපයක් විවේක ගැනීමටද සිදුවනු ඇත.
කොළඹ ශාන්ත ජෝසප් විදයාලයේ අධ්‍යාපනය ලැබූ හරින් ප්‍රනාන්දු ඌව පලාත නියොජනය කරමින් එහි මහඇමති ලෙසද කලක් කටයුතු කළ අතර පසුගිය රජයේ ඇමතිවරයෙකු විය. ඔහුට තවම වයස 41 කි.