ipl-2021-broadcast-banned-in-afghanistan

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය එහි "ඉස්ලාමීය විරෝධී අන්තර්ගතය" ඇති බවට හේතු දක්වමින් ඇෆ්ගනිස්ථානයේදී විකාශය තහනම් කර තිබේ. ඇෆ්ගනිස්ථානයේ හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ඒසීබී) මාධ්‍ය කළමනාකරු සහ මාධ්‍යවේදී එම්.ඉබ්‍රාහිම් මොමන්ඩ් කියා සිටියේ තාලිබාන් පාලනය විසින් ක්‍රීඩාංගණයේ cheerleaders නර්තනයන් සහ හිස් ආවරණ රහිත කාන්තාවන් පෙන්වන නිසා විකාශය කිරීම තහනම් කළ බවයි.




 ඇෆ්ගනිස්ථාන ක්‍රිඩකයින් වන මොහොමඩ් නබී, රෂීඩ් ඛාන් සහ මුජීබ් උර් රහ්මාන් යන අය අයිපීඑල් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන නමුත් 2021  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔවුන් ක්‍රීඩා කරන අයුරු ඔවුන්ගේ නිවැසි ආධාරකරුවන්ට දැක ගැනීමට නොහැකි වනු ඇත.

වසර ගණනාවක් තිස්සේ අයිපීඑල් එරට සජීවීව විකාශය විය. 2019 දී මෙම තරඟාවලිය විකාශනය කිරීමේ එකම අයිතිය අරියානා රූපවාහිනියට හිමිව තිබූ අතර  2021 තරඟ පෙන්වීමේ අයිතිය ලීමර් ටීවී විසින් හිමි කරගෙන තිබූ නමුත් තලේබාන් බලය අත්පත් කර ගැනීමෙන් පසුව සියල්ල වෙනස් වී ඇත.

තලේබාන් සංවිධානය මින් පෙර 1996 සහ 2001 අතර කාලය තුළ එරට බලය අල්ලාගෙන සිටි විට, මිනිසුන්ට යාඥා කරන්නට අවස්ථා අවුරන බව දක්වමින්  වෘත්තීය ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කර තිබුණි. පසුව ක්‍රිකට් වලට අවසර ලැබුණත් කාන්තාවන්ට තවමත් ක්‍රීඩා කිරීම තහනම් කර ඇත.
ඉදිරියේදී අයිසීසීයේ පූර්ණ සාමාජිකත්‍වය ලබා ගැනීම සඳහා කාන්තා කණ්ඩායමක් පිහිටුවීමට රටකට අවශ්‍ය බවට අයිසීසී නියෝග කර ඇති බැවින් මෙය ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයට ගැටලුවක් විය හැකිය.
මේ අතර එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ හමීඩ් ෂින්වාරි තලෙයිබාන් සංවිධානය විසින් ඉවත් කර ඇති බව අද පෙරවරුවේ වාර්තා විය.


කෙසේ වෙතත් ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන ICC T20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගන් පිරිමි කණ්ඩායම සහභාගී වන අතර එම කණ්ඩායම පළමු අදියරේදී ඉන්දියාව සහ පාකිස්තානය සමඟ තරග වදිනු ඇත. 
(Gossiplankanews.com)