kandy-girl-abuse

 17 හැවිරිදි පාසල් සිසුවියක නීත්‍යානුකූල බාරකාරත්වයෙන් අපහරණය කර ඇයට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාවේ ආබාධිත ලුතිනන් කර්නල්වරයකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.


මහනුවර ප්‍රදේශයේ පදිංචි  කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අනුරාධපුර ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව රාජකාරි කරන 52 හැවිරිදි ආබාධිත ලුතිනන් කර්නල්වරයා මෙකී මව නිවසේ නැති වේලාවක නිවසට පැමිණ දියණිය සමග කථාබස් කරන මුවාවෙන් සාමීචියේ යෙදී පසුව ඇයව කාමරයකට ගෙනගොස් බලහත්කාරකම් සිදු කර තිබේ.


මවට මේ ගැන නොපවසන ලෙස බියගන්වා ඵලාගොස් ඇති මෙම පුද්ගලයා පසුව කිසිවක් සිදුනොවුණ ගාණට නැවත මව සමග ඇසුරට වෙනදා මව සිටින වේලාවන් වලදී පැමිණ තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි  17 හැවිරිදි සිසුවිය තමන්ට සිදුවූ දේ මව සමග පැවසීමෙන් පසු කම්පාවට පත්වූ මව පොලිසියට ගොස් මේ ගැන පැමිණිල්ලක් සිදු කළාය.


මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.  අත්අඩංගුවට ගෙන ඇති සැකකාර ලුතිනන් කර්නල්වරයා අනුරාධපුර රාජකාරියේ නිරත ආබාධයක් සහිත අයෙකු බවද හඳුනාගෙන ඇත. ඔහුව අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දියණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.