kapila-perera-speaks
දිවයිනේ පාසල් නැවත ආරම්භ කරන දිනය අධ්‍යාපන අමාත්‍යවරයා හෝ එම ලේකම්වරයා අද දිනයේ දන්වන බවට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණ අතර අවසානයේ 

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවකට එක්වෙමින් මේ ගැන පැවසුවේය.
සිසුන් එන්නත්කරණය මාත්‍රා දෙකම ලංකාව පුරා සිසුන්ට ලබාදීම කළ යුතු බවත් ඉන් පසු හැකි ඉක්මණින් පාසල් විවෘත කිරීමට අපේක්ෂා කරන බවත් කීය.
ඒ අනුව එන්නත්කරණය නිමාවූ බවට හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වූ බවට සෞඛ්‍ය නිර්දේශ ලැබුණු දිනයක පාසල් විවෘත කිරීමට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේය. ප්‍රථමයෙන් සිසුන් 200කට අඩු පාසල් විවෘත කිරීම සැලසුම බවද ඔහු කී අතර අදියර 4 ක් යටතේ අනතුරුව සියලු පාසල් විවෘත කරනු ඇතැයිද කීය.