katunayake-pcr-lab-opens

කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරය අද විවෘත විය.
 වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකිය .




උසස් තත්ත්වයේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ආසියානු රටක ගුවන්තොටුපලක් ආශ්‍රිතව ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙය ඉය විවෘත කිරීමට එක්වූ සෞඛ්‍ය ඇමතිවරයා දන්වා සිටියේය.
පෞද්ගලික සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමටයි.
වසර දෙකක කළමණාකරණ ගිවිසුමක් යටතේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වන අතර මේ පරීක්ෂණාගාරය මගින් සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ඩොලර් 40 ක මුදලක් අය කරනු ලබයි.
පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි.