keheliya-speaks

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති රෙගුලාසි ලබන 30 වනදා අවසන් කරන්නට නියමිත අතර ඉන්පසු තවදුරටත් එය දීර්ඝ නොකරන්නට රජය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය ඇමතිවරයා අද (25) පැවසුවේය.
 සිමාවන්ට යටත්ව ලබන මස (01) දින සිට රට විවෘත කරන බව ඔහු කීය.



අද දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව පැහැදිලි කළේය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් එන්නත ලබාදිම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත්, කොවිඩ් 19 වෛරසය මෙරට තුල පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය වි ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බවයි.




විවෘත කිරිම සිදුවෙද්දී පනවන සීමාවන් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදි විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්,එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා තිරණය අනුව සිමාවන් කිහිපයක් යටතේ රට යළි විවෘත කිරිමට පියවර ගන්නා බව ඔහු කීය.