කෝවිඩ් අවදානමද සහිතව බන්ධනාගාරවල පවත්නා තදබදය හේතුවෙන් හදුනා ගැනීමේ පෙරෙට්ටු පවත්වාගත නොහැකිව දිර්ඝ කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් බන්ධනාගාරයේ සිට ඔන්ලයින් තාක්ෂණික ක්රමෝපායන් භාවිත කරමින් සාක්ෂිකරුවන්ට විද්‍යුත් තිර ඔස්සේ දර්ශනය වීමට සළස්වා අදාළ නඩු විභාග පැවැත්වීම දිවයිනේ ප්‍රථම වරට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරියේදී පෙරේදා (21දා) ආරම්භ කෙරිණි.
කුලියාපිටිය අධිකරණ බල ප්‍රදේශයේ පොලීසි කිහිපයකම සැකකරුවන් එස් හදුනා ගැනීමේ පෙරෙට්ටු පවත්වා ගැනීමට නොහැකිව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.ඊට කදිම විසදුමක් ලෙස අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එම පෙරෙට්ටු පැවැත්වීමට අධිකරණ සේවා කොමිසමේ අනුමැතියද සහිතව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය එසේ පියවර ගෙන තිබිණි.
සැකකරුවන් ඉදිරිපත් කිරිමේදී බන්ධනාගාරයේ කැමරාවක් ඉදිරියේ අදාළ සැකකරුවා සමගින් ඊට අවශ්‍ය පිරි සාක්ෂිකරුට දර්ශනය කිරීමට ඉඩප්‍රස්තාව සලසා දී ඇති අතර එක් එක් පුද්ගලයාගේ සමීප රූපද සාමාන්‍ය පෙරට්ටුවක පරිද්දෙන් තිරයේ දර්ශනය වීමට සලස්වා පාර්ශව දෙකටම සාධාරණය ඉටුකිරීමේ අරමුණින් එසේ විදපුත් සජීව හඳුනා ගැනීමේ පෙරට්ටු පවත්වන බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.
(දිනේෂ් උපේන්ද්‍ර)
0 Comments