වසරක ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී තමන් ක්‍රීඩාකළ කොළඹ ක්‍රිකට් සමාජයෙන් (සී.සී.සී.) ඉවත් වී, සිංහල ක්‍රිකට් සමාජය (එස්.එස්.සී.) වෙනුවෙන්
ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත. ඒ බව තහවුරු කරමින් කුසල් ඊයේ (22දා) සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ, 'වෙනස' මේ දිනවල මා තදින්ම විශ්වාස කරන වචනය බවත්, එස්.එස්.සී. තම සිහින නැවත ලිවීමට ධෛර්යයක් ලබා දෙනු ඇති බවත්ය.ඒ අනුව 2015 වසරේ සිට වසර 06කට. ආසන්න කාලයක් සී.සී.සී. වෙනුවෙන් ක්‍රීඩාකළ මෙන්ඩිස්ගේ ක්‍රීඩා දිවිය ඉන් නවතිනු ඇති අතර, එස්.එස්.සී. සමගින් ඔහු අලුත් ගමනක් ආරම්භ කරනු ඇත. මේ වනවිට කුසල් පළමුපෙළ තරග 75(ඉනිම් 138)කට ක්‍රීඩාකර ඇති අතර, එහිදී ලකුණු 4,946ක් රැස්කර ඇත. නොදැවී රැස්කළ ලකුණු 200 ඉහළම ඉනිම වන අතර, ඔහු පළමුපෙළ ශතක 12කට හා අර්ධ ශතක 18කට හිමිකම්කියයි.
කුසන්ගේ පළමු පෙළ ඉනිමක සාමාන්‍ය වන්නේ 37.75කි.වත්මන් එස්.සී.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලිණ කණ්ඩම්බි මහතා කටයුතු කරන අතර,එම ක්‍රීඩා සමාජ ක්‍රිකට් කමිටු ප්‍රධානියා වන්නේ මහේල ජයවර්ධන මහතාය.
කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් තිදෙනා පසුගිය ජුනි මාසයේ පැවති එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කිරීමේ වරදකට හසුවූ අතර,
ඒ හේතුවෙන් එම තිදෙනාටම වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් සහ මාස 06ක දේශීය ක්‍රිකට් තරග තහනමක් පැනවුණි. කෙසේ නමුත් එම තිදෙනාටම එළඹෙන අන්තර්සමාජ ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
(විශ්ව මුදියන්සේ)
0 Comments