
පොළොන්නරුව පුරාවිදු බිමේ පිහිටි ඉපැරණි ලංකාතිලක පිළිමගෙයට පෙරේදා (19 වැනිදා) පස්වරුවේ අකුණක් වැදී ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු කියති. සවස් කාලයේ ඇති වූ වර්ෂාවත් සමග මෙම අකුණු අනතුර සිදුව තිබේ. එම අකුණු සර වැදී ඇත්තේ පිළිමගෙයි බටහිර දිසාවේ පිහිටි ගඩොල් බිත්තියකටය.
ඒ හේතුවෙන් එම බිත්තියේ අඩි 2ක් 3ක් පමණ ප්‍රමාණයක ගඩොල් කැට කිහිපයක් ගැලවී බිම ඇද වැටී ඇත. ලංකාතිලක පිළිමගෙයි තැන්පත් කර තිබෙන ඉපැරණි බුද්ධ ප්‍රතිමාවට අකුණුසර නිසා හානි සිදුව නොමැත.
මෙම පුරාවිද්‍යා ස්මාරක සඳහා අකුණු සන්නායක යොදා නොමැති බව නිලධාරීහු පවසති.
Comments
Post a Comment
Your comment will be visible after approval