ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයෙන් දෙසැම්බර් 4 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.
මෙවර පැවැත්වෙන දෙවෙන අදියර සදහා කණ්ඩායම් 5ක් එක්වන අතර සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙ සංචිතයකින් සමන්විත වේ.
එහිදී එක් කණ්ඩායමකට දේශිය ක්‍රීඩකයන් 14 දෙනෙකු හා විදේශීය ක්‍රීඩකයන් 6 දෙනෙකු යොදා ගැනීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා සහභාගි කර ගන්නා විදෙස් ක්‍රීඩකයන් ඔවුන්ගෙ රටවල ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල සාමාජිකයන් , පළමු පෙල ක්‍රීඩකයින් හෝ ප්‍රධාන පෙලෙ විස්සයි විස්ස තරගාවලි සදහා සහභාගි වු ක්‍රීඩකයන් විය යුතුයි.
අදාල විදෙස් ක්‍රිඩකයන් ලියාපදිංචිය ආරම්භ වී ඇති අතර ඔක්තෝබර් 5 වනදා දහවල් 12 දක්වා ඒ සදහා අවස්ථාව හිමි වී ඇත.
0 Comments