mahindananda-cricket

හිටපු ක්‍රීඩා අමාත්‍ය හා වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 වර්ෂයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයට අදාළව සිදු කරන ලද තරග පාවාදීම් පිළිබඳ විමර්ශන නතර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, අදාළ නඩුව සිදුකරගෙන යාමට කිසිදු සාක්ෂියක් නොමැති වීම නිසා මෙම නඩුව ඉවත් කර ගැනීමට පොලීසියට උපදෙස් ලබා දුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග විසින් සනාථ කළ බවයි.හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය (202O) වර්ෂයේ ජූලි මාසයේදී මේ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ, අදාළ තරගයේදී තරග පාවාදීමක් සිදුවූ බවයි.

මෙම ප්‍රකාශයෙන් අනතුරුව කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයෙකු වූ අරවින්ද ද සිල්වා, එවකට කණ්ඩායම් ක්‍රීඩකයන් වූ උපුල් තරංග හා කුමාර් සංගක්කාර යන ක්‍රීඩකයන්ගෙන් විශේෂ විමර්ශන ඒකකය දීර්ඝ ලෙසින් ප්‍රශ්න කරන ලදී.තවද එම චෝදනා එල්ල කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධයෙන්ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර නොමැති බවද  වැඩිදුරටත් වාර්තා වෙයි.