Importation of Mobile Phone, TV, Furniture, Electric Goods is discouraged

ශ්‍රී ලංකාව මුහුණපා ඇති දැඩි විදේශ මූල්‍ය හිඟය හේතුකොට විශාල කැපකිරීම් සිදු කිරීමට ජනතාවට සිදුවන බව ඒත්තු ගන්වමින් අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීමට හෝ නවතා දැමීමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙයි.


ජංගම දුරකතන, ගෘහ විදුලි උපකරණ, රෙදිපිළි, ගෘහ භාණ්ඩ, පළතුරු, සුවඳ විලවුන් ඇතුලු
භාණ්ඩ වර්ග 623ක් ආනයනයේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ණයවර ලිපි
විවෘත කිරීමේ දී පැනවීමට සියලුම බලපත්‍ර බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි ඉතිරිකිරීමේ බැංකුවට කොන්දේසි පනවා තිබෙයි.
ඒ අනුව මෙම ලැයිස්තුගත කාන්ඩයේ යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ඊට අදාළ සම්පූර්ණ වටිනාකම
ආනයනකරු විසින් වානිජ බැංකුවක තැන්පත් කළ යුතු වන අතර එය ආනයනය අධෛර්ය කිරීමකි.
ආනයනය අධෛර්ය කරන භාණ්ඩ වර්ග 623 අයත් ප්‍රවර්ග පහත පරිදිය.
විදුලි සංදේශ උපකරණ (ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන වැනි) ගෘහ උපකරණ (විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ඩිජිටල් කැමරා, කොණ්ඩය සකසන උපකරණ, ජලය උණු කරන උපකරණ, විදුලි ලාම්පු, උදුන් වැනි) රෙදිපිළි සහ උපාංග (ළදරු ඇඳුම්, සංකුචික මේස්, ජර්සි, රාත්‍රී ඇඳුම් සහ පිජාමා, කබා, කමිස සහ බ්ලවුස්, ඇඳුම් කට්ටල, ජන ඇදුම් කටල සහ පිහිනුම් ඇදුම්, ටී ෂර්ට්, යට ඇඳුම්, පාවහන්, අත් ඔරලෝසු, අව් කණ්ණාඩි,
වෙනත් උපාංග වැනි) ගෘහ උපකරණ සහ ගෘහ භාණ්ඩ (ගෘහ භාණ්ඩ, ලාම්පු සහ ආලෝකකරණ උපාංග, විසිතුරු නිෂ්පාදන, පිඟන් භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ, ඇඳ ඇතිරිලි වැනි) රබර් ටයර්, වායු සමීකරණ යනු පලතුරු (නැවුමි ඇපල්, මිදි, දොඩම් සහ වියළි පලතුරු පළතුරු යුෂ වැනි) සුවඳ විලවුන් සහ සේන්දුම් ද්‍රව්‍ය (සුවඳ විලවුන්, වේශ නිරූපණ උපාංග වැනි). පාන වර්ග (බියර්, වයින්, බෝතල්කල ජලය සහ වෙනත් බීම වැනි) වෙනත් ආහාර සහ පාන වර්ග (ධාන්‍යම සැකසීම, පිෂ්ඨය, චොකලට්, මෝල්ට්, කටු ගැලවූ මාළු, චීස්, බටර් වැනි). වෙනත් ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ (සංගීත භාණ්ඩ, දුම්කොළ නිෂ්පාදන,සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය වැනි)

ඒ සම්බන්ධ මහබැංකු නිවේදනය පහතින්