obeysekarapura-incident-updates

පසුගියදා සීසීටීවී වාර්තා මගින්ද අනාවරණයවූ පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුවේ එල්ලී සිටියදී රථය කිලෝමීටරයක් පමණ දුරක් රැගෙන ගොස් වෙට්ටුවක් දමා සැරයන්වරයා බිමට වැටීමට සැලැස්වූ සංසිද්ධියට අදාළව එලෙස පැනගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ නිවස වැටළීමට පොලිසිය සමත්ව තිබේ.
 
මෙම පලා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ලබාගෙන සිදුකළ විමර්ශනවලදී පළා ගිය තැනැත්තා නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණ වී ඇත.


ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක්  සැකකරුට අයත්  ඉඩම පරීක්ෂා කිරීමේදි එය ඉඳිකරමින් පවතින තෙමහල් නිවසක් බව හඳුනාගෙන ඇති අතර එය වටලා පරීක්ෂ කරන අවස්ථාවේ සැකකරු එහි  නොසිටී බව කියැවේ. මේ හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනකුගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී තම සහෝදරයා පෙරේදා (19) ඔහුගේ බිරිඳ සමග නිවසින් පිට වූ බවත් සිටින තැනක් හෝ දුරකථන අංකයක් නොදන්නා බවත් පවසා ඇත.
ඒ අනුව ලබාගත් හෝඩුවාවන් ඔස්සේ සැකකරු ඉන්නා තැන් ගැන සොයමින් පවතින බව පොලිසිය කියයි.


 මීට කලකට ඉහත ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු වූ ඔහු මත් පෙති ජාවාරමක් සිදුකරන අයකු බව හඳුනාගෙන ඇතැයි පොලිසිය පැවසීය.
රාජගිරිය ඔබේසේකරපුර හන්දියේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු හොරොයින් පාර්සල් දෙකක් සුඛෝපභෝගී මෝටර් රථයකට ලබා දෙන අයුරු ඒ ආසන්නයේ සිටි නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ගේ නෙත ගැටී ඔවුන් අල්ලන්නට යාමේදී මෙම සැකකරුත් ඒ අවස්ථාවේදී අත්අඩංගුවේ සිටි ත්‍රිරෝද රථ රියැදුරුත් පළාගොස් තිබුණි.