pahan-thudawa-fake-news

පසුගියදා යුවළක විසින් අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනයක් සිදුකිරීම නිසා ආන්දෝලනාත්මක ලෙස ප්‍රකටවූ බලන්ගොඩ පහන්තුඩාව දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය අදාළ සිද්ධියෙන් පසු පෙම්වතුන්ට තහනම් කලාපයක් කර ඇති බවට ෆේස් බුක් ඔස්සේ තොරතුරක් වාර්තා වී තිබිණි.


සිරස නිවුස් ෆර්ස්ට් රූප තිරයේ දර්ශනයක් ලෙස හැඟවෙන පරිදි මෙම  පුවත හුවමාරු කර තිබුණ අතර
එහි පළකර තිබුණේ “වහාම ක්‍රියාත්මක වන පරිදි බලංගොඩ පහන් තුඩාව පිවිසුම නැවත දැනුම් දෙන තුරු පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබේ” යනුවෙනි.


කෙසේ වෙතත් මේ පුවතේ සත්‍ය අසත්‍යතාව ගැන එය හුවමාරු කළ ඇතැම් අය සැකයටද භාජනය කළ අතර
 සිරස  Newsfirst ප්‍රවෘත්ති අංශය එවන් පුවතක් වාර්තා කර නැතැයි තහවුරු කර තිබේ.
පහන්තුඩාව දියඇල්ල කලාපය පාලනය කරන බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද එම කරුණ ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම ස්ථානය නැරඹීමට අවසර ලබාදීමක් ගැන හෝ ලබා නොදීමක් ගැන කිසිදු තහංචියක් මේ දක්වා පනවා නැති බවත් එය නිදහස් ස්ථානයක් බවත් එබැවින් ඕනෑම කෙනෙකුට ඇතුළුවීමට අවසර ඇතැයි ඔහු කීය. කෙසේ වෙතත් සංචරණ සීමා නීති නිසා මේ කාලයේ එම ප්‍රෙද්ශය හුදෙකලාවී ඇති බව පමණක් තමා දන්නා බව ඔහු කියා තිබේ.
මේ සමග පළවන්නේ සිරස නිවුස් ෆර්ස්ට් වාර්තාවක් ලෙස හැඟවෙන ආකාරයට ඒ ගැන හුවමාරු වූ පෝස්ටුවය.