pahan-tudawa-video-update

පහන්තුඩාව දිය ඇල්ල ආසන්නයේ අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අය සම්බන්ධ තවත් විස්තර මේ වනවිට අනාවරණය වී තිබේ.
අදාළ කාන්තාව ඊයේ පන්නිපිටියේ කුලී නිවසකදී අත්අඩංගුවට ගන්නා ලද අතර ඇය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක බවත් වාර්තා විය. 24 හැවිරිදි වියෙහි පසුවූ ඇය වෘත්තියක් ලෙස අසභ්‍ය වීඩියෝවලට පෙනී සිටීමට මෙකී සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සමග කාලයක් තිස්සේ කටයුතු කර ඇතැයිද හෙළි විය.  ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙකු බව කියන ඇයගේ මෙම ක්‍රියාවන් නිවැසියන් දැන සිට නැති බවත් ඇය රුපලාවන්‍ය ක්ෂෙත්‍රෙය් රැකියාවක් කරන අටියෙන් පන්නිපිටියේ පදිංචිව සිට ඇති බවත් වාර්තා විය.
මේ අතර 34 වියෙහි පසුවූ පහන්තුඩාව වීඩියෝවට සම්බන්ධිත විවාහක පුද්ගලයා මහරගම ප්‍රදේශයේ වාසය කරන කැමරා ශිල්පියෙකු ලෙස කාලයක් කටයුතු කළ පුද්ගලයෙකු බව අනාවරණය විය.


පොලිස් විමර්ශන මගින් ඔහුගේ නිවස වටළද්දී ඔහු කොරෝනා රෝගය ආසාදනය වී නිරෝධායනය වෙමින් සිටි නිසා ඔහු අත්අඩංගුවට පත්වුවද පොලිස් අධීක්ෂණය යටතේ ඔහු සිටි නිවසේම ඉන්නට ඉඩ හැරිය බව පැවසේ.
අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය පිණිස රූගත කිරීම් සඳහා ඔහු නිවසින් පිටවන අවස්ථාවල නිවැසියන්ට දන්වා ඇත්තේ අද ‘අවුට්ඩොර් ෂූටිං එකක්‘තියනවා යනුවෙනි. ඒ නිසා නිවැසියන් ඔහුගේ කැමරා වෘත්තියට අදාළ දේවල් සිදුවන බව පමණක් මේ දක්වා කල්පණා කර තිබූ බවද හෙළි විය.
මොහු කලකට ඉහත වෘත්තිය කැමරා ශිල්පියෙකු ලෙස මංගල උත්සව ආදිය ආවරණය කරමින් ජීවිකාව කරගෙන ගොස් ඇති අතර එයට වඩා මෙවැනි වැඩවලින් මුදල් සෙවිය හැකි යයි උපකල්පණය කර අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනයට යොමුව ඇත.ඔහු සතුව නවීන කැමරා ආම්පන්න රැසක් මේ නිසා තිබී ඇත.
මීට වසර කිහිපයකට පෙර මංගල අවස්ථාවකදී මුණගැසුණ ඇල්පිටියේ තරුණිය සමග ඇතිකරගත් අනියම් ඇසුරින් පසු මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස අසභ්‍ය වීඩියෝ නිර්මාණයට මොවුන් පෙළැඹී ඇතැයි මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
අනන්‍යතාව සඟවා උඩුගත කළ හැකි බැවින් කිසිවෙකුට මේවා හසු නොවනු ඇතැයි ඔවුන් කතිකා කරගෙන තිබී ඇත. කෙසේ වෙතත් මුලදී රහසිගත ස්ථාන වල සිට මේ ආකාර වීඩියෝ නිර්මාණයට ඔවුන් පෙළැඹුණ නමුත් පසුව වීඩියෝ ජනප්‍රිය කරගැනීමේ උවමනාවට ඔවුන් දිවයිනේ ප්‍රකට එළිමහන් ස්ථාන පසුබිම් කරගෙන වීඩියෝ නිර්මාණයට යොමුවී ඇත.
පහන්තුඩාව වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වූ පසුව ඒ ගැන විමර්ශනය පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය පහන්තුඩාව ප්‍රදේශයෙන්ද සාක්ෂි ලබාගත් අතර එහිදී අනාවරණය වූයේ මෙම දෙන්නා පටිගත කළා යයි සැකකරන දිනයේ ත්‍රීරෝද රථයකින් ගමන් මළු සමග එම ස්ථානයට පැමිණි බවයි. සාමාන්‍ය යෙන් ස්නානය සඳහා බොහෝ පිරිස් මේ ආකාරයට පැමිණෙන බැවින් ඒ ගැන ප්‍රදේශ වාසින් සැකයක් ඇතිකරගෙන නැත.

නමුත් ජනශූන්‍ය කාලයක ඔවුන් පැමිණි නිසා ඔවුන් ගැන ප්‍රදේශ වාසින් ට හොඳින් මතකයේ තිබී ඇත. පැය හතරක් පමණ එහි ගතකොට ඔවුන් පිටව ගිය බවද රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වමින් ප්‍රදේශ වාසියෙකු පවසා තිබුණි.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 285-286 වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් වරදක් කර ඇති බැවින් අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා
පහන්තුඩාව වීඩියෝවේ කාන්තාව හා පුරුෂයා  අත්අඩංගුවට
පහන් තුඩාව ක්ලිප් එක සේව් කරගන්න එපා - පොලිසියෙන් මාධ්‍ය නිවේදනයක්
පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවන්‍ය ශිල්පිණිය හඳුනාගැනේ
ජනශූන්‍යවූ පහන්තුඩාව දිය ඇල්ල යුවළක අතින් දූෂණයට