prasanna-rawana-girl-israeli
රාවණා ඇල්ලෙන් ඇද වැටී තුවාල ලබා ප්‍රතිකාර ලබන ඊශ්‍රායල් තරුණියගේ සුවදුක් බැලීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (29) ඇය ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට ගියේය. 

සිය පෙම්වතා සමග මීට සති කීපයකට පෙර මෙරටට සංචාරයක් සදහා පැමිණි EDEN SIRI (23) නැමැති ඊශ්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වන දා රාවණා ඇල්ල බැලීමට ගොස් ඇත. ඇල්ලේ ඉහළ ගලකට නැගීමකට යාමේ දී ඇය ලිස්සා ඇද වැටුණි.
ඇයව මුලින්ම බදුල්ල රෝහලට ඇතුළත් කර දින කීපයක් කොමා තත්ත්වයෙන් පසු වූ අතර සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත් වී


අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු කරන ලදි.
ශල්‍යකර්ම කීපයකින් පසු ඇය මේ වන විට සුවය ලබමින් සිටින අතර එම තරුණියගේ මව හා පියා දිවයිනට ගෙන්වා ගැනීමට ද එම අධිකාරිය මැදිහත් වු බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.
අද උදෑසන එම තරුණිය ප්‍රතිකාර ලබන රෝහලට ගිය ඇමති ප්‍රසන්න රණතුංග  ඇයගේ සුවදුක් විමසා බැලීය.
තමන් ශ්‍රී ලංකාවට දැඩිව ඇළුම් කරන බවත් සම්පූර්ණයෙන් ම සුව වී නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂා කරන බවත් එම තරුණිය එහි දී සංචාරක ඇමතිවරයාට කියා සිටියාය.
හෙට ඇය දිවයිනෙන් පිටව යාමට අපේක්ෂාවෙන් සිටින අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඇමතිවරයා පියවර ගත්තේය. 

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව (2021-09-18)
රාවණා ඇල්ලෙන් ඇදවැටුණු ඊශ්‍රායල ජාතික තරුණිය දැඩි සත්කාර ඒකකයේ