southern-province-school-open

දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ඔක්තෝබර් මස 15 වැනිදින සිට ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසා තිබේ.



දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල මෙම පාසල්වල කොවිඩි මර්දන කමිටු සක්‍රිය කිරිමට කටයුතු කරමින් සිටියි.ෙ
    එම කටයුතු ලබන මස 06 වැනිදින දක්වා සිදුකරණ අතර 06 වැනිදින සිට 15 වැනිදින දක්වා කාලය තුළ පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද ඒ සඳහා අදාල බල ප්‍රදේශවල

පළාත් පාලන ආයතන එකගවි ඇති හෙයින් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මගින් ලබාදෙන බවද ඒ මහතා පවසයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතාගේ උපදෙස් මත 200ට අඩු පාසල් විවෘත කිරිම සදහා සැලසුම්කොට ඇති බවද ඒ මහතා පවසයි. මේ පිළිබද අදහස් දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේද කිවේය.

පාසල්වල තියෙන කොවිඩ් කමිටු සදහා ඇතැම් පාසල්වල විදුහල්පතිවරු සහභාගිවෙන්නේ නැහැ. නමුත් අපි සැලසුම්කළ පරිදි කටයුතු කරගෙන යනවා. පාසල් සදහා පැමිණෙන විදුහල්පතිවරු, ගුරුවරු හා ළමුන් සංඛ්‍යාවෙන් 15 වැනිදින මෙම පාසල් ආරම්භකිරිමට කටයුතු කරණ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසිය.

අක්මීමන එච් එම් සමන්