ශ්‍රී ලාංකික සිසුවියක ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටින අතර සුවිශේෂ ආබර් ක්‍රීක් ශිෂ්‍යත්වය දිනාගැනීම හේතුවෙන් ඇයට වසරක කාලයක් සඳහා නොමිලේ නවාතැන් සමග ඇමරිකාවේ Midwestern State University හි අධ්‍යාපනය ලබාගැනීමට වරම් හිමි කරගෙන තිබේ.
ෂෙනෙල්ලා කරුණාරත්න සිය නිවසේ සිට ඇමරිකානු විශ්වවිද්‍යාලයට යන විට වයස 16 ක් වූ අතර, ඉක්මනින් ස්වාධීන වීමට මගක් සොයාගැනීමට ඇයට සිදු විය. 2015 දී මෙහි පැමිණි දා සිට ඇය ජීවත් වූයේ එක් මහල් නිවාස සංකීර්ණයක වන අතර මෑතකදී ඇය ආබර් ක්‍රීක් ශිෂ්‍යත්වලාභියකු බවට පත්වූවාය.
ආබර් ක්‍රීක් ශිෂ්‍යත්වය විසින් එම්එස්යූ (Midwestern State University)ටෙක්සාස්හි උපාධිධාරී සිසුවෙකුට එකී සරසවියට අයත් මහල් නිවාසයේ වසරකට කුලී රහිතව නිදන කාමර 1 කින් යුත් ඒකකයක ජීවත්වීමටත්, ආසන්න වශයෙන් ඩොලර් 7,500 ක මුදලක්ද ලබා දේ.
2009 සිට ඇමරිකාවේදී ලැබෙන ආබර් ක්‍රීක් ශිෂ්‍යත්ව මඟින් සිසුන් 13 දෙනෙකුට කුලී බරකින් තොරව ජීවත් වීමට ස්ථානයක් ලබා දී ඇත.
අධ්‍යයන කටයුතු වල සාර්ථකත්වය පෝෂණය කරන ආර්බර් ක්‍රීක් ව්‍යාපෘතිය ඇමරිකාවේ ඇගයුමකට ලක්වූවකි.
ජාත්‍යන්තර ශිෂ්‍යාවක් වීම නිසා ෂෙනෙල්ලාට රැකියාවකට යාම සීමා වී ඇති හෙයින් ඇය සාමාන්‍ය මනෝවිද්‍යා පාඨමාලාවක් ඉගැනීම, සායනයේ සීමාවාසික පුහුණුව සහ ඇගේ නිබන්ධනයේ වැඩ කරමින් උපාධි ප්‍රවේශ කාර්යාලයේ රැකියාවක් කරයි. "ශිෂ්‍යත්වය ලබා ගැනීම නිසා මා මානසික ආතතියෙන් මිදුණා" යනුවෙන් ෂෙනෙලා පවසා තිබේ.
ෂෙනෙලා කුඩා කල සිටම මනෝ විද්‍යාව හැදෑරීමට දැඩි ඇල්මක් දැක්වූවාය. ලංකාවේ මානසික සෞඛ්‍ය ගැන එතරම් දැනුවත් කිරීමක් නොමැති බවත් මිනිසුන් දුක් විඳින හැටි දුටු තමාටඔවුනට උදව් කිරීමට ඇතිවූ සිතිවිලි නිසාත් මෙවැනි විෂයක් තෝරාගත් බව ඇය පැවසුවාය.
ඇය ටෙක්සාස් හි එම්එස්යූ වෙත පැමිණියේ ඇගේ වැඩිමහල් සොහොයුරා මෙහි පැමිණ සිටි නිසාය. නමුත් දෙදෙනාම ස්වාධීන පුද්ගලයින් විය. ඇය ස්වාධීනව ජීවිතය ගත කිරීමේ උනන්දුවකින් කටයුතු කළ බව ශිෂ්‍යත්වය දීමේදී සලකා බලා තිබුණි.
2018 දී මනෝවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඇය 2022 මැයි මාසයේදී මනෝ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගනී. දැන් ඇය ආචාර්ය උපාධිය සඳහා ගමන් කිරීමේ අරමුණින් සිටියි.
ආචාර්ය උපාධියක් ලබා ගැනීමෙන් පසු ඇය ආපසු නිවසට පැමිණ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා උපදේශිකාවක් වීමට සැලසුම් කරයි.
0 Comments