covid 19 අපිව සතුටු කරපු පුද්ගලයින් අපෙන් ඉවත් කරමින් ඉන්නවා ....covid 19 අපේ සමීපතම අපෙන් උදුරා ගනිමින් ඉන්නවා....ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක  සුනිල් පෙරේරා අපෙන් සමුගත්තා.. සුනිල් පෙරේරා ගැන කතා කරන්නෙ නලින් පෙරේරා..


                                                                     "ඒක බොහොම ලස්සන කතාවක්....නලින් පෙරේරා ව අද මෙහෙම බිහිවෙන්නේ ඒ විශිෂ්ට චරිතය නිසා...මම අටවැනි පන්තියේ ඉන්නකොට සුනිල් අයියලා එනවා හලාවතට කුරුමිට්ටෝ සංගීත ප්‍රසංගය පවත්වන්න...ප්‍රසංගය ඉවර වෙනකන් මම ස්ටේජ් එකේ ඉස්සරහා එල්ලීගෙන බලාගෙන ඉඳලා තනිකර ඒ රාත්‍රියේම ඔහුව මට ආරූඪ උනා වගේ ....

එතකොට තමයි මම හිතුවේ දවසක එයාගේ භාෂාවෙන්ම කියනවනම් මේ වගේ පොරක් වෙනවා කියන සිතුවිල්ල මගේ හිතේ ජනිත උනේ එදා තමයි....එදායින් පස්සේ මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා උසස් පෙල ඉවර උනාට පස්සේ උසස් පෙළ කරද්දි marians පටන් ගත්තේ...බෑන්ඩ් එක පටන් ගත්තට පස්සේ සුනිල් පෙරේරා කියන චරිතය මම ආරූඪ කරගෙන තමයි එයාගෙ හඬට ම සමානව මගේ හඬ පාවිච්චි කරලා ඒ විදිහට ඇඳලා කුරුස දාගෙන තනිකර කොපියක් වුණා මම.....මෙහෙම යනකොට marians gypsies එකට සෙල්ලම් කරන්න අවස්තාවක් හම්බ වෙනවා....ඒ මට මතක විදිහට 90 මුල් දශකයේ  එදා සුනිල් අයියා කියපු අපුරු කතාවක් තිබ්බා....



අපි සෙල්ලම් කරලා බිමට බහිනකොට උඹටත් මට වගේ ටකරං වොයිස් එකක් තියෙන්නේ නේද කියලා කිව්වා ....ඒ කිව්ව වචන ටික මට හරියට ඔටුන්නක් පැළඳුව වගේ...හැබැයි මට එයා දුන්න එක අවවාදයක්...උඹ අනුගමනය කරපන් අනුකරණය කරන්න එපා කියලා...මට ඒකඒ වෙලාවේ තේරුනේ නැහැ මම ගෙදර ඇවිල්ලා කල්පනා කළා මොකක්ද මේ කිව්වේ කියලා...ඒකෙන් එයාව කොපි කරන්න එපා කියන එකත් ඒකෙ කිසිම මට අනාගතයක් නෑ කියන එක එයා කිව්වා....ඊට පස්සේ ඒක ඔළුවට අරගෙන මගේ ශෛලියක් විදිහට වෙනම නිර්මාණය කර ගෙන එදා සිට සුනිල් අය මුණ ගැහෙන්න පෙර ජිප්සීස් සුනිල් පෙරේරා කිව්ව අපි ඔළුවේ මවා ගත්ත එකක් තිබුනනෙ....ලං වෙලා කතා කරන්න බැහැ හරිම ආඩම්බර ඇති ඕවගේ එකක්...නමුත් ඒ උදාර මනුස්සයාව ආශ්‍රය කරන්න ගත්තට පස්සේ එතරම් සරල මිනිහෙක් මිහි පිට නෑ වගේ ...."

*අවුරුදු 50 ක් එක මට්ටමේම තමන්ගේ ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න,නඩත්තු කරන්න සංගීතය එක්ක පරම්පරා පරතරය නො තියා  ගමන් කරන එක ලේසි නැහැ ඒක හරිම අමාරු වැඩක්....නලින්,සුනිල් කොහොමද මේ පරම්පරා පරතරයක් තියාගන්නේ නැතුව    තමන්ගේ ගමන ගියේ...?

                                                                     "ඒක මම දැක්කේ මෙහෙමයි මට මතක් වෙනවා කුරුමිට්ටෝ ප්‍රසංගයේදී කුරුමිට්ටෝ ගීතය බලන්න...කාලෝචිත වුණා එයාගෙ නිර්මාණ කලින් කලට...ඒ අවුරුදු පනහේ සීමාව සමාජයත් එක්ක ගැටෙමින් සමාජයේ ප්‍රශ්න ම කතා කරමින් ගීතය හාස්‍ය පැත්තෙන් හරි මගේ අරමුණ ඒ vision  එකට යන්න ඔහුගේ ගීත නිර්මාණ පාවිච්චි කළා...මම පොඩි කොල්ලෙක් ඒ කාලේ කුරුමිට්ටා ගීතයේම තියෙනවා සුදුස්සාට සුදුසු තැන දෙන්නයි කියන කතාව ඒ කාලෙත් මේ රටේ ප්‍රශ්න ඒ විදියට තිබුන හින්දා එයා ව්‍යංගාර්ථයෙන් හරි සමාජයට යොමු කළා...

කාලෝචිත වෙනකොට කලින් කලට ඉදිරිපත් කරපු නිර්මාණ දිහා...අනිත් එක gypsies කණ්ඩායම ආප්ප දානවා වගේ දානව වගේ කැස්ට් එළියට දැම්මේ නැහැ.....හැබැයි ඒ කරන සින්දු කාලයක් පාවිච්චි කරන්න ඉඩ තියලා තමයි ඊළඟ project එකට ඒගොල්ලො අත ගැහුවේ....මම හිතනවා ඒක කළමනාකාරීත්වය රහසක් කියලා තමයි දකින්නේ...."

*සුනිල් පෙරේරාගේ නිර්මාණ භාවිතාව ඇතුලේ හරි කාලීන දේවල් තිබ්බා...ඒ කාලයට ගැලපෙන කාලයේ තාලයට ගැලපෙන දේවල් සුනිල් කළා...හැබැයි ඒ එකක්වත් අමුවෙන් එහෙමත් නැතිනම් ආයාසයෙන් පුරුද්දවලා කරපු වැඩ නෙමෙයි...මෙන්න මේ ගුණ අපිට හරි අමාරු කලාතුරකින් දකින ලක්ෂණයක්...මේ කණ්ඩායම් කණ්ඩායම් සංගීත ඇතුලේ මේ ගුණය කොහොමද පවත්වා ගත්තේ....?
                                                              "ගායකයෙක් ට වඩා සුනිල් අයියා මම දකින්නේ entertainer කෙනෙක් විදියට...ඒව තමයි අපි අපේ ජීවිත වලට ඇතුල් කර ගත්තේ...එයාට ම ආවේණික වෙච්ච  ශෛලියක,කතා කරන විලාශයක් ඒවා ප්‍රේක්ෂකයාගේ හිත ඇද බැද ගන්න පුදුමාකාර විදිහට ප්‍රයෝජනවත් වුණා....මම හිතනවා එයා ඒක බොහොම ලස්සනට maintain  කළා....ඒ චරිතයට ලංවෙන්න මම තාම මිහිපිට කෙනෙක් දැකලා නැහැ..."

*70 දශකයේ දී ඒ යුගයට ඉස්සරහෙන් ඉඳලා කුරුමිට්ටෝ ගීතය මතක් කර හම මේ ගීතයේ පිට ලෝකෙකින් ආපු අය ඒගොල්ලන්ගේ හඩ සංගීතය පොඩි තාක්ෂණික ප්‍රයෝග පාවිච්චි කරලා ඒ හසුරවනු විදිහ ඒ කාලයට ඉස්සරහින්  පිටරට දේවල් මුහු කරගනිමින් ලංකාවට ඒ දේ දෙන්න කිසිම ගැටළුවක් නැතුව මේක ලංකාවේ විනෝදාස්වාද කර්මාන්තය ට  සුවිශේෂී  කරුණක්.....?


                                                                  "සුනිල් අයියා හරිම වාසනාවන්තයි සුනිල් අයියාගේ පියා ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන,මම හිතනවා සුනිල් අයියාගේ තාත්තා ඒ අවශ්‍ය වටපිටාව අඩුපාඩුවක් නැතුව සපයලා දුන්නා...ඒව ලබා දෙන කොට ඒවා හරියට පරිහරණය කරන්න පාවිච්චි කරන්න  සුනිල් අයියා ඔලුව කල්පනා කරලා වැඩ කරලා තියෙනවා...අනිත් දේ තමයි මොනම දේකදි වත් එයාට පහර ගහන අය ඉස්සරහ එයා සැලුනේ නැහැ ...ඇයට ස්තූති කරලා පත්තරේ දැන්වීම් දැම්මා...එය ඇත්තටම මිනිස්සු හොල්මන් කරපු වැඩ...කවදාවත් පසුබැස්සේ නැහැ කෙලින් කතා කෙළින් කතාකරන චරිතයක්..."

*සුනිල්ගේ ආභාෂය ඔබ මුල ම සඳහන් කළා අනෙක් අතට ඔහු පරම්පරා ගානකට පරම්පරා පරතරය තියාගන්නේ නැතුව ලං වෙච්ච කෙනෙක්... ඔබේ අත්දැකීම් ටිකක් කතා කරමු....?
                                                            "මම දැක්ක දෙයක් තමයි පුතාගේ මට්ටමෙන් ආවත් මචං කියලා කතා කරන ලෙවල් එකක් සුනිල් අයියට තිබ්බා....සුනිල් අයියා මට වඩා වැඩිමල් නමුත් අපිට මචං කියලා කතා කරද්දි එයාව අපිට අපේ වෙනවා නිකංම සුනිල් අයියා ඉක්මනට කෙනෙක්ව තමන්ගේ කරගන්න..එයාගෙ අවංක කමින්   කරන්නේ මූනිච්චාවට වෙන දෙයක් හිතේ තියාගෙන නෙවෙයි....ඒක සුනිල් අයියා තුළ තිබිච්ච විශේෂ ගති ගුණයක්....තරාතිරමක් දුප්පත් පෝසත් කළු ද සුදු ද ඒවා අදාළ වුණේ නැහැ ආගම් ජාතිභේද එයා අදාල කරගත්තේ නැහැ සර්ව ආගමික මතයක හිටපු චරිතයක්.....

ක්ෂේත්‍රයේ අවුරුදු 40 පැන ගෙන එනකොට ඔයාගේ ඒ පරිණත බව තව තවත් ඔප් නංවමින් තමයි එයා කටයුතු කළේ ....එයා ජීවිතයේ යථාර්ථය ගොඩක් කතා කරන්න ගත්තා එතනදි මම දැක්කේ කලා කරුවාට එහා ගිය මානව හිතවාදියා ඒ කියන්නේ සමාජයට ප්‍රේම සමාජයේ දුක යුක්තිය සාධාරණත්වය ගැන බොහොම ගැඹුරට දකින්න කතා කරන්න එයා පෙළඹී ගෙන ආවා....එහෙම තමයි කලාකරුවෙක්ගේ හිතත් ඒ වගේ...කලාකරුවෙක් එක ෆ්රේම් එකක ඉන්නේ නැහැ...තව කෙනෙක් නොදකින පැත්තක් දකින චරිතයක්...."

*නලින් පෙරේරාට සුනිල් පෙරේරා කරපු උදව් ගැන මතක් කරන්න කියලා කිව්වොත් මුලටම එන්නේ මොකක්ද...?
                                                        "මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවල සුනිල් අයියා සම්බන්ධ වෙලා තියෙනවා...මුලින්ම මගේ විවාහයට අත්සන් කරන්නේත් සුනිල් අයියා,ඒ වගේම දෙයියනේ කියලා මම වාහනයක් ගත්තා ඒ ගන්නකොට ඉතින් වාහනේ ලීස් කළා ලීස් එකට අත්සන ගහන්නෙත් සුනිල් අයියා....මට මතක විදිහට අවුරුදු විසිපහකට විතර එහා...මම එවෙලෙ කල්පනා කලේ මම හලාවත සුනිල් අයියා රත්මලානේ මම වෙන බෑන්ඩ් එකක නිකන් සාමාන්‍ය කොල්ලෙක් සුනිල් අයියට හිතුනෙ නැද්ද දන්නේ නැහැ මම පොල්ලක් තියයි කියලා එයා ඒ උදව් කරපු දේ අනිත් එක ඒ පැත්තෙන් විතරක් නෙවෙයි සුනිල් අයියාගේ අපි මොනවා හරි දෙයක් අහගන්න ගියාම එයාගෙ studio  එකට අපිට එන්න කියලා

වයර් තියෙන විදිය ගලවලා ආයෙ ගහන විදිය උගන්වලා එකෙන් මේ දන්න දේ එයාගේ භාෂාවෙන් කිව්වොත් බොක්කෙ තියාගන්නේ නැහැ එක සම්පූර්ණ වශයෙන් කියලා දෙන ගතිය එයාට තිබ්බා මම හිතනවා  මනුෂ්‍යයෙක් හැටියට සුනිල් අයියා ඒ හැමෝටම හදවතින් සලකපු චරිතයක්....උදව් පදව් ගැන කතා කරන්න ගියොත් සුනිල් අයියා කවදාවත් කරපු උදව් පත්තරේ දැම්මේ නැහැ ෆේස්බුක් දැම්මේ නැහැ....ඒ ගුණාංගය ට මම හිස නමා ගරු කරනවා....."

*සුනිල් පෙරේරා කියන නිර්මාණ ශිල්පියා තමන් එක්ක හවුලෙ නිර්මාණ කරපු අයට කොයි වගේද සැලකුවේ...?
                                                         "එයා අපිට කලින් අනාගතය ගැන ගොඩක් ඈත දැක්ක කෙනෙක්.....අනිල් අයිය එහෙම නීති පද්ධතිය නැති වකවානුවක ඔහුට ගීත ලියපු ගීත තනු නිර්මාණය කරපු  අයව සුරක්ෂිතව තබා ගන්න එයාගෙම වැඩපිළිවෙළක් යටතේ එයා ඒවා කරගෙන ගියා...මම හිතනවා ඒ නිර්මාණ කරුවන් සියලු දෙනාම ඒකට සාක්ෂි දරයි...ඒක මමත් පෞද්ගලිකව දන්න දෙයක් ඒ කාරණාවත් මම ඉගෙන ගත්ත සුනිල් අයියාගේන්....කර්තෘභාග මාධ්‍ය ආයතනයෙන් ගෙවන කම් බලන් හිටියේ නැහැ එයා,ජනප්‍රිය තලයට එන්න පුළුවන් එයාගෙ ගීත නිර්මාණය කරපු හැමෝම  මම හිතන්නේ අදටත් එයා බලා ගන්නවා  ඉතින් ඒ වගේ ගත ගුණයක් හිතට එන්න නිර්ලෝභීව තමනුත් හම්බ කරනවා,

ඒ හම්බ කරන එකෙක් මට නිර්මාණයට දායක වෙච්ච අයවත් ජීවත් කරනවා කියන හැඟීම ඒක හරිම උතුම් ක්‍රියාවක්....මම ඒකයි කියන්නේ ඔහු කරන දේවල් සම හරක් සමීපතම අය එක්ක එයා බෙදා හදාගත්තා...මම හරිම වාසනාවන්තයි එයාගෙන් ඒ අවවාද උපදෙස් ලබා ගන්න පුළුවන් වෙච්ච එක...මමත් එයා කරපු ක්‍රියාවලියම අදට මම කරගෙන යනවා....මගේ ජීවිතයේ මට සින්දු ලියපු හදපු හැමෝටම  සුනිල් අයියා කරපු දේ මමත් කරගෙන යනවා.....මම හිතනවා ඒක මම එයාගෙන් ඒ ඉගෙන ගත්ත දෙයක් ...."



*බොහෝ අයට දුෂ්කරයි තමන්ගේ ගීත සපයපු අයට මෙවට දායක වෙච්ච  පිරිස පිළිබඳව යම් සටහනක් ලේඛනයක් නඩත්තු කිරීමක් තියෙන්න ඕනේ....එහෙම නොතිබුණොත් මේ කාර්යය කරන්න බැහැ...අපේ බොහෝ නිර්මාණ කරුවන් තුළ  දකිනවා මෙන්න මේ පිළිවෙල වැඩවල ක්‍රමික පිළිවෙල නැතිකම ඔවුන්ගේ හිතේ කොච්චර උනන්දුව තිබුනත් අර පිළිවෙල නැතිකම දුර ගමනකට බාධා කරනවා විශේෂයෙන්ම තමන් එක්ක වැඩ කරපු පිරිසට ගෙවීම් කරන්න බාධා සහ අභියෝග මතු කරනවා....නලින්,සුනිල් කොහොමද මේක මගහැරවා ගත්තේ...?
                                                        "මම දැක්ක එකම කලාකරුවා,සංගීත ශිල්පියා ඒ තරම් පිළිවෙලට වැඩ කරන,ඒ කියන්නේ මම හිතන්නේ සුනිල් අයියාගේ ආරම්භ ඉඳලම බෑන්ඩ් එකට  sound වල පැත්තෙන් මොනව හරි ගත්තහම ඒකෙ බිලක් රිසිට් එකක් බැංකු ගිණුමක statement මේ දේවල් හරි පිළිවෙළට ඒ ඔෆිස් එකට ගියාම බලද්දි තේරෙනවා....මම හිතනවා අවුරුදු 50 ක කාල සීමාවක කල් පැවැත්මට ඒ කාරණාව,මම හිතනවා ඒ management skills සුනිල් අයියාගේ තාත්තගෙන් ව්‍යාපාරිකයෙක් හැටියට සුනිල් අයියා මම හිතනවා ඒවා මනාව පරිහරණය කළා....හරිම නීට් එයාගේ වැඩ...

මම හිතනවා නවක කලාකරුවන්ට සුනිල් අයියා කියන චරිතය ඉදිරි අනාගතයේදී චිත්‍රපටයකට ගේන්න ඕන චරිතයක්....ඇත්තටම මේක හරිම කණගාටුයි සුනිල් අයියා ඊයේ අප අතරින් සමුගත්තා...රාජ්‍ය ගෞරව සහිත ව අවසන් ගමන් යන්න ඕන චරිතයක් කියන එක  මම බය නැතුව කියනවා මොකද ලෝකෙටම එක චරිතයක් අවුරුදු 50 ක් නොකඩවා තමන්ගේ සංගීත කණ්ඩායමේ නායකත්වය පවත්වාගෙන ගිය නම් කරන්න බලන්න කවුද ඉන්නේ කියලා....මටනම් මතකෙට එන්නේ gypsies විතරයි...."

*අපිට මේ covid 19 අභියෝගයත් එක්ක බොහෝ දේ අතාරින්න වෙනවා...යුතුකම් අතහරින්න වෙනවා...මම දන්නවා අප අතරේ ඉන්න බොහෝ දෙනකුට අපි ගෞරව කරන  අපිට සමීප අයගෙන් අවම වශයෙන් අවමංගල්‍ය උත්සවයට වත් ගිහිල්ලා ඔහුට ඇයට සමු දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ...ඒක තමයි කෝවිල් කොවිඩ් වල තියනසැබෑම  අභියෝගය.... සුනිල් පෙරේරා වගේ කෙනෙක්ගේ අපි බලන්න ඕනෙ දෙයක් තමයි ඔහුගේ මේ නිර්මාණ ඇතුලේ ඔහු එක පැත්තකින් දේශපාලනය ස්පර්ශ කරනවා අනික් අතට දේශපාලනිකව කතා කරන්න ඕන තැන බලය පිළිබඳව කේවල් කරන්න ඕන තැන  බය නැතුව හඬ අවදි කරපු කෙනෙක් .....මේක සංගීත ක්ෂේත්‍රයට කොහොමද පොදුවේ බලපෑවේ  සුනිල් වගේ කෙනෙක් ගේ හඬ...?
                                               "මම හිතන්නේ සුනිල් අයියා නිදහස් මතධාරියෙක්....එයා පක්ෂයක් පාටක් අදාළ කරගත්තේ නැහැ මම දන්න විදියට ...එයාගෙ මතය කොහෙන් හෝ එළියට ගෙනියන්න එයාට ලොකු උවමනාවක් තියෙනවා කියන එක මම දන්නවා....ඒක ඇතැමුන් විවිධ categories වලට දා ගත්තා ....නමුත් මව මව ස්වාධීන ව ඒ දිහා බලද්දි මට දැනිච්ච දෙයක් තමයි  ඔහු රටට හදවතින් ආදරය කරපු මනුස්සයෙක් ,රටේ ජනතාව රටේ ආර්ථිකය  මේ දේවල් ගැන කතා කරද්දි එයත් එක්ක කතා කරන්නේ ඉඳගත්තහම වල් පල් කියවූනේ  නැහැ කිසිම දවසක අපි ළඟින් ආශ්‍රය කරපු අය හැටියට  මට ඒ ගැන සාක්ෂි දරන්න පුළුවන්....ඔහු දේශපාලනඥයෙක් නෙවෙයි  ඔවුන් නිදහස් මතධාරියෙක් රටට ආදරය කරන චරිතයක් ....එයාගේ මතය එළි දක්වපු විදිය සමහර අවස්ථාවලදී  දරාගන්න බැරි අවස්ථාවල් තිබුණා ඒ වෙලාවට එයාට පහර ගහපු අවස්ථා තිබුණා....නමුත් මේ දේවල් සේරම අමතක කරලා හරියට එයාගේ කතා වලට සවන් දුන්නොත් ඒ රටට ආදරය කරපු මිනිහෙක් ...."

*සුනිල් පෙරේරා කියන brand එක,පහුගිය අවුරුදු 50 ක කාලය තුළ entertaitment indrustry එක ඇතුලේ     අනභිභවනීය සන්නාමයක්...මේ සන්නාමයේ  වටිනාකම ප්‍රමුඛ ගුණ  තුනක් අතට ගන්න කියලා මම නලින්ට යෝජනා කරොත් නලින් ගේ උත්තරය මොකක්ද ....?

                                               "මට දැනිච්ච දේ තමයි ඔහු ගේ ඩිමාන්ඩ් එක උඩින් තියාගෙන කටයුතු කරපු කෙනෙක් , කොයිම වෙලාවකවත් තමන්ගේ තත්ත්වය බාල තත්ත්වයට වැටුණේ නැහැ ඒක top-level එකේ තියාගෙන  ඉන්න එක...අනිත් දේ  දෙන දේ ටිකයි හොඳයි ක්‍රමයට දෙන එක ඒව වලින් තමයි මම අපි එළිමහනේ සංගීත ප්‍රසංග එලිවෙනකන් කරලා තියෙනවා ඒ ප්‍රසංගයක නිශ්චිත කාල සීමාව දෙන දේ ටිකයි හොඳයි කියන ප්‍රතිපත්තියෙ වැඩ කරපු එක,අනිත් දේ තමයි කිසිම දෙයක එයාගෙ ඒ සන්නාමය තියාගන්න හැමතිස්සේම එයාගෙ model එකක් එයා maintain  කළා...අවුරුදු දෙකකට විතර කලින් ඕස්ට්‍රේලියාවේ මමයි සුනිල් අයියයි perera and perera කියලා  concert එකක් කළා....එතනදී මට හරි පුදුම හිතුනා ඒ තොප්පිය ගලවන්නෙ නැහැ එයා..."

*දැන් මේ අලුතින් සින්දු කියන තරුණ දරුවෝ  ගිය බොහෝ වෙලාවල් වල ඔහුගේ සින්දු කියන්න අවස්තාවක් දුන්නා ඒක හරිම පුදුම ගුණයක් නේද .....?

                                                              "සුනිල් අයියා කියපු එක දෙයක් තමයි සිංදුවක් පෙට්ටගමේ දාලා තියා ගත්තොත් ඒක ආයෙත් සමාජගත වෙන්නේ නැහැ , මේක පරපුරෙන් පරපුරට අතින් අතට ගීතය ගියොත් ඒ ගීතය සදාකල්හිම සමාජය තුළ ජීවත් වෙනවා....මම හිතනවා ඒ ප්‍රතිපත්තිය සුනිල් අයියා ලස්සනට අනුගමනය කළා ....නවකයින්ට ආරාධනා කළා ඔහුගේ ගීත ගායනා කරන්න...හැබැයි නිකං නෙමෙයි එයා කතෘභාගය අයින් කලා එයා ලොකු ගානකුත් නෙවෙයි ගන්න පුළුවන් විදිහට  ඒකෙන් කතෘභාගය යන්න ඕන අයට ලස්සනට අයින් කරලා පිළිවෙළට තමයි එක දුන්නෙ .....මේ ක්ෂේත්‍රය කර්මාන්තයක් විදියට හැඩ ගැහෙන්න පෙර එයා එය මනසින් හිතලා කරපු දේවල්...."

*සුනිල් පෙරේරා වගේ විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් covid නිසා ඉවත්ව යන මොහොතේ මම ඔබෙන් අහන්න කැමතියි  සුනිල් තමන්ගේ සිංදුව කියනවා ලබන සැරේ කොහෙද ඔබ ඔහු ව මුණගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ....?
                                                                           "මේ පණිවිඩය උදේ 3.30ට විතර මට ආවේ ...එවෙලෙ ඉඳලා නිදි නැහැ මගේ හිත කෑ ගහනවා  අඬන්න මේ හිත කකියනවා ඒ නිවුස් එක අහලා...පස්සේ මව වේදනාව තුනී කර ගත්තේ සුනිල් අයියා වෙනුවෙන් සිංදුවක් ලිව්වා...ඒකට තාලයක් මම ඒ දුක නැති කර ගත්තා ....ඒ සිංදුවේ මම අන්තිමට ලිව්වෙ ආයේ අපි අමු වෙන්න ඕනේ ස්වර්ගයේදී කියන එක...මේ වැඩසටහන අවසන් වැඩසටහන අවසන් කරන්න පෙර මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා සුනිල් අයියා ගේ මරණය  හේතු පාදක කර ගන්න ඕනේ ජීවත් වෙලා ඉන්න ඔබ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා දූලා පුතාලා තරුණ තරුණියෝ  වැඳලා ඉල්ලන්නේ මේ එන්නත අරගන්න... මම මේ මොහොතේ මේක මතක් කරන්නේ කොවිඩ් ඉතා භයානක නිසා ...."
( gossiplankanews.com )
(විඩියෝව - සිරස පැතිකඩ)