sunshine-sudda-dies

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ සිකුරාදා දහවල් වෙඩි තබා ඝාතනය විය.
මාතර, කොටවිල පොලිස් බලප්‍රදේශයේ වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහුට වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය. දහවල් 11.55 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර පාසල ආසන්නයේ පිහිටි කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු මොහුට වෙඩිතබා ඇති බව ද පොලිසිය පැවසීය.
ඔහු 31 හැවිරිදි අමිල ප්‍රසන්න මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර

දකුණු පළාතේ සිදුවූ මත්ද්‍රව්‍ය, ජාවාරම් රැසකට මොහු සම්බන්ධ බව අනාවරණය විය.
මීට කලතට ඉහත මාකඳුරේ මදුෂ් විසින් ඩුබායි හිදී පවත්වන ලද සාදයට සහභාගිවීමෙන් පසු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ 31 දෙනාගෙන් එක් අයෙකු වූ සන්ෂයින් සුද්දා යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලබන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නමැත්තා අනතුරුව ලංකාවට පිටුවහල් කරනු ලදුව නැවතත් ජාවාර්ම් වැඩවලට සම්බන්ධ වූ අයෙකි. ඔහු හෙරොයින් ග්‍රෑම් 4ක් සමග කොටවිල පොලීසිය විසින් නැවත 2019 මැයි මස අත්අඩංගුවට පත්වී පසුව ඇප මත නිදහස්ව සිටියේය. මදුෂ්ගේ සංවිධානාත්මක වැඩවලට යොදාගන්නා සැකකරුට අයත් ‘සන්ෂයින්‘නමැති  හෝටලයක්ද තිබුණි.
සැකකරුට එරෙහිව මේ වන විටත් ඩුබායි හි අධිකරණයක මෙන්ම මාතර කොටවිල අධිකරණයේ නඩුව විභාගවෙමින් තිබුණි.
 කවුරුන්  කුමන හේතුවක් මත අදාළ ඝාතනය සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව කොටවිල පොලිසිය දන්වා තිබේ.