ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යට්ටොවිට ටරින්දි දිල්ෂිකා විතානගේ (31) නමැති වෛද්‍යවරිය පසුගිය 22 දා පස්වරුවේ මියගියාය. ඇය රත්මලාන රජමාවත ආසිරි පෙදෙස පදිංචිකාරියකි. ඇය මියයන කාලයේ සේවය කරමින් සිටියේ රත්නපුර මහ රෝහලේය. විවාහකයෙකු නොවූ වෛද්‍යවරිය රෝගී වූ අවස්ථාවේ සිය පියාට ඒ බව දැනුම්දී තිබේ. පියා පවසන ආකාරයට සියල්ල සිදුවූයේ මාසයක් ඇතුළතය.
මරණ පරීක්ෂණයේදී පියා මෙසේ කීවේය.
‘මියගොස් සිටින්නේ මගේ එකම දියණියයි. ඇය රත්නපුර රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටියා. දියණියට දියවැඩියා රෝගි තත්වයක් තිබි ප්‍රතිකාර ගෙන සුවවුණා. අගෝස්තු 23 වැනිදා දුව මට දුරකථන ඇමතුමක් දීලා කීවා තාත්තේ මගේ අත හරි අමාරුයි ඇඟත් රිදෙනවා කියලා.
මා දුවගෙන් ඇසුවා එක්ක යන්න එන්නද කියලා. මට එන්න එපා කීවා. දුව එන්නම් කීවා. 23 වැනිදින හවස දුව කොළඹ ඇවිත් පුද්ගලික රෝහලක වෛද්‍යවරයකුට පෙන්වුවා. එහිදී දුවට කොවිඩ් වෛරසය ආසාදනය වෙලා තිබුනා.
ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන්නට ගියා. නමුත් අමාරු වුණා.
ඉන්පසු තලවතුගොඩ පිහිටි එම රෝහලේ දැඩිසත්කාර ඒකකයට දියණිය මාරු කළා. මෙම මස 01 වැනි දින හුස්ම ගැනීම පහසුකිරීම සඳහා දියණියගේ මුඛයට බටයක් දමා තිබුණා. දෙවැනිදින දියණිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකළා. දියණිය කරාපිටිය රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියා.
දුව කථා කළේ නැහැ. කොළකැබලිවල ලියා එහි සිටි හෙදි නිලධාරිනියන්ට ලබාදීලා දුව විස්තර අහලා තියෙනවා. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු දියණිය ගොඩදමාගන්න දැඩි කැපවිමක් කළා. ඒ කරපු ප්‍රතිකාර මා දැක්කා‘
කොවිඩ් නියුමෝනියා රෝගී තත්වයේ සංකුලතා හේතුවෙන් බහුවිධ අවයව අකර්මණ්‍ය වීමෙන් වෛද්‍යවරියක් මියගොස් ඇති බැව් ඊයේ (23 දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.
0 Comments