ලංකාවේ නිරූපණ ක්ෂේත්රයට තියෙන ප්‍රධාන කළු පැල්ලම තමයි මේකේ ඉන්නේ ගණිකාවෝ,මේකෙ ඉන්නෙ ඉගෙන ගත්තෙ නැති කිසිම රස්සාවක් කරන්න බැරි හැකියාවක් නැති පිට රූපය විතරක් ලස්සනට තියන කාන්තාවො... ඔන්න ඒත් එක්ක ඔවුන් කරන වැඩ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ ඔවුන් කියන්නා වූ කථාව රටේ සංස්කෘතියට ගැළපෙන්නෙ නැහැ....මෙන්න මේ විදිහට නිරූපණ ක්ෂේත්රය කිව්වොත් මිනිස්සු බලාගෙන ඉන්නෙ ඇඟිල්ල දික් කරන්න.....ඉතින් මේ ගැන සහ මේ වර්තමාන කාලයේ තමන්ගෙ කොහොමද වැඩකටයුතු වෙන්නේ කියල අහන්න මම ආරාධනා කරනවා ගොඩක් දෙනා ආදරය කරන කෙනෙකුට
මේ වෙනකොට වල වැට්ටුවා නාට්‍යයේ සහ තව ජනප්‍රියත්වයට පතලා ඉන්න ටිනා ශනෙල් ප්‍රනාන්දු....ආයුබෝවන් ....කොහොමද මේ ටිකේ...?
"මේ දවස් ටිකේ ඇත්තටම shooting නැහැ...modeling field එකේ වැඩ කටයුතු තමයි මේ දවස් වල කරන්නේ..."
*modeling field එක...හරි ආඩම්බරයෙන් ද ඔබ ඒ ගැන කියන්නේ...?
"මෙහෙමයි ඉස්සර නං ඇත්තටම ආඩම්බරයෙන් model කියලා කියනකොට ඇත්තටම ඒකේ ඇතුලේ ඒ වචන කියන්න පුළුවන් මාර ගතියක් අපිට තියෙනවා...මම කියන්නේ ඕක පිටරට නං නිරූපිකාවක් කිවුවහම ඇත්තටම පුදුම විදිහට පිළිගැනීමක් තියෙනවා...ඇත්තටම ලංකාවෙ ඒක නැහැ...ඇත්තටම model කෙනෙක් කිවුවහම ගණිකාවක්ද,ඒ ප්‍රශ්නෙ තමයි සල්ලි වලට යන model එකක් මේ ලංකාවේ වෙනවද ඔය ප්‍රශ්නේ තමයි ඇත්තටම මිනිස්සුන්ට තියෙන්නේ...
ඉස්සර models ලා ගත්තහම මම හිතනවා අපි ආස කරන models ලා ගොඩාක් හිටියා...ඒගොල්ලො දවසකට shows හතරක් පහක්වත් කරනවා...මම හිතනවා ඇත්තටම දැන් fashion shows එහෙමත් දැන් ගොඩක් අඩු යි ....modelsla කියලා ගත්තහම කොට්ඨාස දෙක තුනකටම කඩන්න පුළුවන්...
ramp model,commercial model,ඒ වගේ all-round කියලා ගත්තොත් හැම පැත්තටම talent අපි හිතමුකෝ drama කරනවා,film කරනවා,සමහර අය ඉන්නවා අතපය විතරක් දාලා කරන අය ඉන්නවා,ඒ වගේ models ලා සෑහෙන්න එක එක විදිහට අපිට කඩන්න පුළුවන්... මම හිතනවා ගොඩක් වෙලාවට All round ඉන්න models ලා ගොඩක් වෙලාවට පිළිගන්නවා....මෙහෙමයි දැන් හැමෝටම ලේසියි ජොබ් එකක් නැති කොට එතන වැරදිකාරයෝ එක්කෙනෙක් කියලා ඇඟිල්ලක් දික් කරන්න බැහැ හේතුව photography කියලා ගන්නකෝ එතනින් සීයක් ගත්තොත් එතන ඉන්න එක්කෙනෙක්ට model කෙනෙක්ව ගන්න බැරි අපහසු තාවයක් තියෙනව කියලා ඊට පස්සේ කොහේ පාරක යන ගෙදරක ඉන්න නංගි කෙනෙක්ව දැකලා අපි නංගි SHOOT එකක් කරමු කියලා ඔයා හොද ෂෝටක් ඇඳගෙන පොඩ්ඩක් මෙහෙ එලියෙ දාගෙන shoot එකක් කරලා viral වෙන්න අපි මේක දාමු..."
*එහෙම ආරාධනා කලින් තිබ්බෙ නැද්ද...?
"මෙහෙමයි එහෙම ආරාධනා අපිට වුණත් ඒ දවස් වල එනවා ....මම කියන්නේ මෙහෙමයි එහෙම ඇන්දත් තමාට තියෙන්න ඕන හැඟීමක් මේ ඇඳුම මට ඇන්දහම ලස්සනයි ද,මේකෙ කොහේ හරි කැතක් තියෙනවා ද,අපේ රටේ සමහරක් අය පිටරට මිනිස්සුන්ව copy කරන්න යනවා හැබැයි ඒ තැන්වලදී ගොඩක් fail වෙනවා ....fashion කරන කාලෙට එක එක විලාසිතා ඕන මනුස්සයෙක් කරන්න ඕනේ,නමුත් ඔයා හිතන්න කොණ්ඩෙට pink color එකක් දාගෙන green color එකක් දාගෙන අපිට ගිහිල්ලා ඔෆිස් එකක වැඩ කරන්න පුලුවන්ද,අපිට උසාවියකදී එහෙම කතා කරන්න පුලුවන්ද,ඒ කරන දේවල් වලට ගරු කිරීමක් වශයෙන් තමයි මම හිතන්නේ කරන දේවල් හරියට කරන්නේ....යම්කිසි කාලයකට එන thrend එක කලාට කමක් නෑ හැබැයි සමහර වෙලාවට මම දැකලා තියෙනවා ගොඩක් ගැහැනු අය ගැලපෙන්නට විලාසිතා කරනවා ඒ නොදැනුවත්කම...ඒ දේ කරනකොට තමා දැනගන්න ඕනේ තමාට ඒක ගැලපෙනවද කියල...."
*ඔබේ ජීවිතයේ ආරම්භය ගැන අහන්න මම කැමැතියි කොහොමද ඔබේ කුඩා කාලයේ සිටම ආරම්භය...?
" මගේ පවුලේ මමයි අම්මයි අක්කලා දෙන්නයි කාන්තාවොම හතර දෙනෙක් ...පොඩි කාලෙදිම අපේ තාත්තා නැති වුණා accident එකක් වෙලා තමයි තාත්තා නැති වෙන්නේ....එතකොට අපි හිටියේ negombo...අපේ අම්මත් එතකොට වැඩි වයසක් නැහැ..අපේ අම්මා ඊට පස්සේ අපිව හොස්ටල් එකට දැම්මා මුලින්ම අපේ අක්කා ව තමයි හොස්ටල් එකට දැම්මේ...මම පාසල් ගියේ Good Shepherd Convent-Kotahena...මම නැන්දත් එක්ක fashoin show බලන්න යනවා...එහෙම ගිහිල්ලා බලද්දි මට හිතුනා මටත් මේකට ආසයි මටත් පුළුවන් ද මේක කරන්න මමත් කරලා බලන්න ඕනේ කියලා ඊට පස්සේ මම චූටි චූටි දේවල් කළා එතකොට මම ගොඩක් කෙට්ටුයි කෝට්ටක් වගෙ....
හැබැයි මගේ දෙවැනි අක්කි තමයි commercial පැත්තෙන් field එකේ අල්ලගෙන කරගෙන හිටියේ....පස්සේ එයා marry කලා ඊට පස්සෙ එයා field එකෙන් අයින් වුණා....ඊට පස්සේ මගේ අනිත් අක්කිත් music video වල එහෙමත් හිටියා නිදුකින් ඉනුමැන music video එකේ එහෙම එයා හිටියා...එයා වැඩිය කට කන්න කැමති නැහැ මේ field එකේ වෙන දේවලුත් එක්ක එයා අයින් වුණා ....මට කවුරුත් මෙතනට එන්න උදව් කළේ නැහැ මම තනියෙන් ඇවිල්ලා මම තනියෙන් වැඩ කරගෙන එහෙම තමයි මම ඇත්තටම field එකට ආවේ..."
*මේ field එකේ ඉන්න අය මම හිතනවා හොඳට වාහන අරගෙන එහෙම ජීවිතයක් ගත කරනවා කියලා...නමුත් ඔබ එහෙම නැහැ ඒකට හේතුව මොකක්ද...?
"අපි දකිනවා ලංකාවේ වැඩ කරන models ලා කවුද කියලා...හැබැයි ඔය අතරේ ඉන්නවා නිකං photoshoot කරන අය...තමා මොකක් හරි ඇඳුමක් හොයා ගෙන photographers ලාට කතා කර කර අපි ෆොටෝ ෂූට් එකක් කරමු update කරන්න ඕන හින්දා කියලා එහෙම පොඩි ගේම් යන models ලා සෙට් එකකුත් ඉන්නවා ...අපි දකිනවා ගොඩක් වෙලාවට hotels වලට ගිහින් හරි luxury විදියට වාහන අරගෙන එහෙම ඉන්න අය....හැබැයි අපි දකින්නෙ නැහැ කිසිම brand එකක වැඩ කරලා අපි දන්නවා කවුද වැඩක් කරන්නේ කියලා...අපි ඇත්තටම මේ වැඩේට මම මේ මුදලක් ගන්නවා කියලා අපි දන්නවා සහ ඒ මිනිස්සු දන්නවා...මම drama එකකට ගියත් ඒ පුද්ගලයෝ දන්නවා මම ඒ මුදලට වැඩ කරන්නේ කියලා...මම කියන්නේ එහෙම කිසිම වැඩක් නොකර දවසෙන් දෙකෙන් industry එකට ඇවිල්ලා යාන වාහන අරගෙන ගෙවල් හදාගෙන ඉන්නවානම් එතන පොඩි ප්‍රශ්නයක් නේද....
මම හිතන විදිහට මම ලංකාවේ සෑහෙන්න වැඩ කරන නිරූපිකාවක්...දැම්මේ කොරෝනා කාලේ වුණත් වුණත් මම වැඩ කලා...මම හිතනවා මේ වකවානුවේ කාටත් ඒ වගේ වැඩ නැහැ...ඒ කරලා ත් මම හිතන්නේ අපි ගන්න මුදල ඇත්තටම මදි...අපිටම කියලා ගෙයක් එහෙම නැහැ,මගේ දෙමව්පියෝ මට ඉඩම් දීලවත් ඒ වගේ කිසිම පහසුකමක් මට නැහැ ඒ හැමදේම මුල ඉදලා මම හදාගන්න ඕනේ....මුලින්ම මගේ තියෙන target එක තමයි මට ගෙයක් හදාගන්න එක...මම අවුරුදු 10ක ඉඳලා වැඩ කරනවා..මම ඉතින් හම්බුවෙන්න සල්ලි හැමදේම එකතු කරගෙන එකතු කරගෙන ගෙයක් හදාගන්න plam කරනවා ඒත් මට ඕන විදියට හදාගන්න තාම ගානක් එකතු වෙලා නැහැ ....මට පුළුවන් කාලෙක හැබැයි මගේ target එක තියෙනවා කොහොමහරි ගෙයක් හදාගන්වා කියන එක..."
*ඔබ හරිම විවෘත කාන්තාවක් ඕන දෙයක් තිබ්බොත් මූණට කියනවා...තාම ත්‍රීවීල් එකක යන එක ඔබට ලැජ්ජාවක් ද ...?
"ඇත්තටම ලැජ්ජාවක් නෙවෙයි මොකද හේතුව අපිට යන්න හොදයිනම් ත්‍රීවිල් එකක එක කියන්න බැරිකමක් නැහැ... හැම තිස්සෙම මම ත්‍රීවිල් වල තමයි ගමන් යන්නේ...වෙන අමතරව මම කොහේ හරි මගේ වැඩකට යනවනං transport වෙනම ඉල්ලනවා...මම පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් මට අද වුණත් බස් එකක නැගලා යන්න පුළුවන්...මට කැමති කොට්ටාශකුත් ඉන්නවා මට අකමැති කොට්ටාශකුත් ඉන්නවා...මාව හොඳටම දන්න පුද්ගලයෝ දන්නවා....ගැහැනු ගැහැනු කොහොමත් හරියට වලි...කොල්ලන්ගේ මචං දාගෙන ඒ ඉන්න fit එක ගෑනු අතර නෑ ....මම දැන් අද මෙතන ගෑනු කෙනෙක් එක්ක කතා කරලා ගියොත් ඒ කෙනා කියන්නේ අම්මෝ අරක ආවා අනේ අම්මෝ ආවේ අරකෙන්,අරයා ආවේ එක්කගෙන යන්න ඔහොම තමයි....ඒකනෙ අද ගොඩ දෙනෙක්ගේ යාළුකමත් නැත්තෙ...
අරයගෙ මිනිහා මෙයා ගන්න මෙයාගේ මිනිහා අරයා ගන්නවා....ඕක තමයි වෙන්නේ.....ඊට පස්සේ මිනිස්සු බෙදාගන්න බැරිව වලි .....මම ඇත්තටම ඒ වගේ මිනිස්සුන්ට කැමති නැහැ මම ඇත්තට ම ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරන්නෙත් නැහැ....ඒක තමයි model industry එකේ ගොඩ දෙනෙක්ට වැරදිච්ච තැන ....මට තියන look එක වෙන කෙනෙක්ට නැති වෙන්න පුළුවන්...මම කියන්නේ ඉරිසියාකම් කරන්න හොඳ නැහැ...අදටත් මම ගිහින් කොහේ හරි බැස්සොත් බහින්නේ ත්‍රීවිල් එකක...මට පුළුවන් කාලෙක මම වාහනයක් ගන්නවා...මම කාටවත් ණය නෑ ....ඒ නිසා කිසිම මනුස්සයෙක්ට මට කියන්න බැහැ ආ මමනෙ ටීනාව තියාගෙන හිටියේ මමනේ ටීනාට වියදම් කරන්නේ,එන්න ඕනේ වෙලාවට එන්න යන්න ඕන වෙලාවට යන්න එහෙම දේවල් නැහැ .....
ගොඩක් වෙලාවට කියනවා කෙල්ලෙක්ට තනියෙන් කරගන්න බැහැ හරි අමාරුයි මෙ industry එකේ ජීවත් වෙලා හම්බ කරන්න බැහැ ඒත් මට කරන්න ඕනේ මම තනියෙන් කොහොමද කරන්නේ කියලා ....අපි තියෙන මනුස්සයෙක් කසාද බැන්දත් නැති මනුස්සයෙක් කසාද බැන්දත් මනුස්සයො කියවනවා ....ඔයාට ඔය වාහනේ දුන්නෙ මම නේ ඔහොම ඉන්නෙ මම නිසානෙ කියලා ඒ කියවිල්ල මිනිසුන්ගේ ගතිය....අපි කොහොමත් ඒ වගේ වෙන්න ඕන නෑ ඒ වගේ දේවල් අහගන්න වුවමනාවක් නැහැ....එහෙම තමාට කියලා දෙයක් හදා ගන්නවා නම් මම හිතනවා හොඳයි කියලා....එහෙම බොරුවෙන් ජීවත් වෙලා වැඩක් නැහැ..."
*ඔබට මේ ක්ෂේත්රයේ සාමාන්‍යයෙන් ක්ෂේත්රයක ගමනක් යනකොට හරි පාර තියනවා හොර පාර තියෙනවා හොරපාරෙන් ගොඩ දාන්න කියල ආපු ආරාධනා නැද්ද ....සරලව කිව්වොත් ලිංගික අල්ලස් ඇවිල්ල නැද්ද ටීනා මේ විදියට මාත් එක්ක ඉන්න මම ඔයාව ඉස්සරහට අරන් යන්නම් කියලා.... ?
"ලිංගික අල්ලස් කියන්නේ සල්ලි දීලා එහෙම නෙමෙයි,හැබැයි මෙහෙම වැඩක් තියෙනවා අපි මෙහෙම වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා කීප දෙනෙක්ම ඔළුවේ තියාගෙන ඉන්නවා,ඔයා කියන්නකො ඔයාට එන්න පුළුවන් නම් අපි චුට්ටක් හම්බවෙලා කතාකරමුකෝ අන්න එහෙම එන්නේ...ඔයා හිතන්න මේ industry එකේ මම මෙච්චර කාලයක් වැඩ කරලා තියෙනවා මගේ වැඩ දැකල තියෙනවා නම් සමහර හරි professional විදිහට කතා කරන මනුස්සයෙක් නම් හරි නංගී ඔයා එන්න අපේ ඔෆිස් එකට ඇවිල්ල අපි කතාබහ කරගමු කියලා කතා කරනකොට මම දන්නවා මේ පුද්ගලයා මොන විදිහටද කතා කරන්නේ කියලා මට එතකොට බය නැතුව ගිහිල්ලා කතා කරන්න පුළුවන් .....
සමහර අය ඉන්නවා ඔයා එන්න අපේ apartment එකට අපි කතා කරගමු කියනවා ඒ ඉතිං බොරුනෙ apartment එකට එන්න ඕනේ නැහැනේ කතා කරන්න ,එතන තියෙන්නේ වෙන මොකක් හරි කරගන්න උවමනාව මටත් ඇත්තටම ඒ වගේ ආරාධනා ලැබිලා තියෙනවා ...ඇත්තටම ඒ වගේ පුද්ගලයෝ එක්ක මම වැඩ කරන්නේ නැහැ....අපිට පුද්ගලයෙක් කතා කරන්නේ අපේ talent එකට ඔයා අද මේ program එකට මට කතා කරන්නේ ඔයා මගේ විශේෂත්වයක් දකින නිසා ....මනුස්සයෙක් අපිට කතා කරන්න ඕනේ අපේ talent එකට.....වෙන මොකක් හරි දෙයක් කරගන්න ඕන නම් කෙලින්ම කතා කරල අහන්න පුළුවන්නේ නිකන් බොරුවට ඇඹරි ඇඹරි බොරු දේවල් මේවා කර කර පිරිමියෙක් වුනාම හරියට direct එක්ක කතා කරන්න ඕනේ,බොරුවට කෝල් කර කර අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා කිය කිය බොරුවට වෙන දේවල් කරගන්න තියෙන උවමනාවට film දෙන අය ඉන්නවා....ගොඩක් වෙලාවට අපිට මොකක් හරි දෙයක් බලද්දි තේරෙනවා නේද මේ චරිතෙට මෙයා ගැලපෙන් නෑ නේද ඇයි මෙයාව අරගෙන තියෙන්නේ, මට නං ඒ වෙලාවට හිතෙනවා ...."
*මවකගේ ආදරය තාත්තෙක් නැතුව කෙල්ලො තුන් දෙනෙක් හදනවා කියන එක අම්මෙක්ට එසේ මෙසේ දෙයක් නෙවෙයි....අම්මා අපිට ගොඩක් ආදරෙයි,තාත්තෙක් නැති උනහම ඒ අම්මා ඒ බර කරට ගන්න ඕනේ ....ඔබේ අම්මා යකඩ ගැහැනියක් ...පොඩ්ඩක් කතා කරමු ඒ ගැන...?
"මගේ අම්මා මාර විදිහට මම respect කරන කාන්තාවක්...පොඩි කාලේ ඉඳලා තාත්තා නැති උනහම අපේ අම්මා හරියට අපිම හදා ගත්තා...දැන් අපි දකිනවා ගොඩක් අම්මලා ළමයි ළමයි හම්බ වෙච්ච ගමන් විකුණනවා දාලා යන දේවල්....මම අදටත් අපේ අම්මට කියන දෙයක් තමයි අම්මේ ඔයා ආයිත් කසාදයක් බඳින්න කියලා ඒත් අපේ අම්මට කිසිම උවමනාවක් නැහැ....
එයා පිරිමියෙක් දිහා බලන්නෙත් නැහැ මම ඒ අතින් මගේ අම්මට ගොඩාක් respet කරනවා....මම දැකලා තියෙනවා සමහර අම්මලා තමන්ගේ ළමයි ඉන්නකොට වෙන පිරිමිත් එක්ක සම්බන්ධකම් පවත්වා ගන්නවා,....මගේ අම්මා පුළුවන් විදිහට රස්සාවක් කරගෙන අපිව මේ හොඳ තැනකට ගෙනල්ලා අප මෙහෙම හදපු එකට ගොඩක් ගරු කරනවා...මගේ අම්මා තරම් දිරිය කාන්තාවක් මම කොහේවත් දැකලා නැහැ....ඒ ශක්තිය තමයි අද මට තියෙන්නෙ...මම මෙච්චර දුරක් ආවා නම් ඒ එන්නේ මගේ අම්මා නිසා...."
*මේ ක්ෂේත්රයට හොඳ විදිහට එන්න ආසාවෙන් බලා බලාපොරොත්තුවෙන් ඉන්න අය ඇති....ඔවුන්ට මොකද්ද කියන්නේ...?
"ඇත්තටම මේ ක්ෂේත්රය ගොඩක් හොද ක්ෂේත්රයක්...ඕන කෙනෙක්ට එන්න පුළුවන් හැබැයි මේ industry එකේ ඉස්සරහට වැඩ තියෙනවා ද කියන එකත් මේ යන විදිහට ලොකු ප්‍රශ්නයක් හේතුව මම කිව්ව වගේ ගොඩක් අය new faces හොයනවා මේ ප්‍රශ්නත් එක්ක ඇත්තටම ලංකාවේ ටැලන්ට් එකක් තියෙන දක්ෂතාවය තියෙන මනුස්සයාට වඩා...ගොඩක් වෙලාවට ලංකාවේ දකින දෙයක් තමයි වැඩ බැරි ටාසන්ලා වගේ සෙට් එක තමයි ලංකාවේ ගොඩ තැන්වලින් ඉස්මතු කරන්න දඟලන්නේ....සමහර වෙලාවට අලුතෙන් එන අය මාර ගණන් කියන්නේ...අපි මෙච්චර අවුරුදු ගාණක් මේ ක්ෂේත්රයේ ඉඳලා ඒ දේවල් ඇහුවහම මට හිතෙනවා අපි එහෙම බැලුවොත් කොහොම කියන්න ඕන ද කියලා....මේ industry එකට එන්න ඇවිල්ලා කරන්න කැමති පැත්තෙ ඉගෙන ගන්න...හරි විදිහට ගමනක් යනවා නම් මම හිතනවා සාර්ථක විදිහට මේ field එකේ යන්න පුළුවන් කියලා ..."
video -කෝනාර ව්ලොග්ස්
0 Comments