යුරෝපීය රටක් වන ලිතුවේනියාව චීන සමාගම් විසින් නිපදවන ලද දුරකථන තහනම් කරමින් ඒවා අලෙවියට ඇති සියලුම රටවලට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙයි.
ලිතුවේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ “චීනයේ නිෂ්පාදිත” ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමෙන් වළකින ලෙසයි. විශේෂයෙන්, ෂියාඕමි සහ හුවාවේ සමාගම් දෙක එරට ප්‍රධාන වශයෙන් චීනයේ නිෂ්පාදන අලෙවි කරන අතර එම සමාගම් නම් කරමින් මෙම නිවේදනය දන්වා ඇත. අලුතින් මිලට ගැනීම නොකරන ලෙසත් තියන ඒවා අත්හරින ලෙසත් නිවේදනයේ සඳහන් වේ.
මීට හේතුව වශයෙන් දන්වා ඇත්තේ රටේ සයිබර් ආරක්ෂක ආයතනය විසින් මෙම දුරකථන තුළ ඇති සැකසහිත හැසිරීම් තත්වයන් සොයාගෙන ඇති බවත් එසේම චීන ප්‍රතිපත්ති අනුව තහනම් කරන ඇතැම් දේ එම දුරකථන ඔස්සේ නොපෙන්වන බවත් දන්වා ඇත. එමඟින් රටේ ආරක්ෂාවට හා ප්‍රතිපත්ති වලට ගැටලු මතුවන බව පෙන්වාදී ඇත.
ලිතුවේනියා ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නව වාර්තාව අනුව ෂියාඕමි දුරකථන වල ඇති පෙරනිමි අන්තර්ජාල බ්‍රව්සරය ඇතුළුව පද්ධති යෙදුම් මඟින් චීන භාෂාවෙන් කොන්දේසි 449 ක් ස්වයංක්‍රීයව වාරණය කරන බව වාර්තාවේ සඳහන් වේ. මෙම ලැයිස්තුව නිරන්තරයෙන් පුළුල් වෙමින් පවතින අතර වාරණය සඳහා "නිදහස් ටිබෙට්", "තායිවානයේ දීර්ඝායුෂ" සහ "ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරය" වැනි කොන්දේසි සලකුණු කරන බව එහි සඳහන් වේ.
ලිතුවේනියාව විසින් චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික හා ඉතා පොදු ආරවුලකට සම්බන්ධව සිටින අවස්ථාවක මෙම චෝදනා එල්ල කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
තායිවානයේ විල්නියස් හි තායිවාන නියෝජිත කාර්යාලය විවෘත කිරීමට අවසර දීමට ලිතුවේනියාව අවසර දීමත් සමඟ දෙරට අතර සබඳතා ගැටලු මතුකර තිබේ. විශේෂයෙන් "තායිවානය" යන නම යෙදීම ගැන චීනය විරෝධය දක්වා ඇත.
(ඉන්ඩියා ටුඩේ ඇසුරිනි. Gossiplankanews.com)
0 Comments