මේ දිනවල සුදු ලූණු වංචාවක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුකර තිබෙන පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන නිසා මාධ්‍ය ආයතන පීරමින් තොරතුරු සෙවීමට රහස් පොලිසිය කටයුතු කරමින් සිටී. තවම පොලිසිය ඔහු හමුවී නැති අතර යූටියුබ් නාලිකාවකට ඔහු ලබාදුන් සාකච්ඡාවක් පහත පරිදිය.
•මේ දක්වා මේ වන තෙක් රහස් පොලිසියේ කැඳවීමක් තියෙනවද ලිපියකින් හෝ ආසන්න පොලිස් ස්ථානයෙන් ඇවිත්.....?
" දැනට නැහැ....මීට මාස දෙකහමාරකට විතර ඉස්සෙල්ලා මම complain එකක් කෙරුවා ලිඛිතව භාර දුන්නා CID එකට මට මරණ තර්ජන තියෙනවා කියලා.....එච්චර තමයි කරලා තියෙන්නේ..."
•සුදු ලූණු සිද්ධිය සම්බන්ධව වත් කිසිවෙක් ඔබට කතා කරේ නැද්ද රහස් පොලිසියේ....?
" නැහැ තාම කිසිම කැඳවීමක්වත් එහෙම කතා කළේ නෑ ඒ සම්බන්ධව ...."
•ඔබ ඇත්තටම පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයා ද ,එහෙම නැත්නම් බොරු රඟපෑමක් ද කළේ ඔබට තනතුරක් තිබ්බෙ නැද්ද ,,,ලසන්ත අලගියවන්න ඇමතිතුමා කියල තිබ්බා ඔබ විධායක අධ්යක්ෂවරයෙක් නෙවෙයි කියලා....?
"එතුමා ඒ කියන්නේ තියෙන්නෙ පූර්ණ කාලීන සාමාජික කියලා ආණ්ඩුවේ අනතුරක් නැහැ පූර්ණ කාලීන සාමාජික කියලා තියෙන්නේ executive director කියලා ....මොකද අපේ poshition එක තියෙන්නෙ director Genaral ටත් උඩින් .....ඒ නිසා ඒක executive director අපේ විසිටින් කාඩ් වලත් ප්‍රින්ට් කරලා දෙන්නේ executive director,දන්නැති කතාව සාමාන්‍යයෙන් politician කියන කතාවක්..."
•ඒ කියන්නේ එතුමා නොදැනුවත්ව ද දැන දැන බොරු කියනවද....?
"දැන දැන බොරු කියන්නෙ...."
•මේ පරීක්ෂණ ගමන් කරන දිශාව අනුව ඔබට තේරෙන්නේ ඇමැතිවරු දෙදෙනා තුශාන්ව හිර කරන තැනකට ද මේ ගමන් කරමින් සිටින්නේ....බන්දුල සහ ලසන්ත...?
"ඔව් මට පේන්නෙ ඒ විදිහට මොකද මේක මේ වෙච්ච සිද්ධිය සාමාන්‍ය තත්ත්ව යටතේ positively අරගෙන මේක investigate කරලා මේකෙ ඉන්න හොරු ටික අල්ලගෙන තම තමන්ගේ ආයතන හදා ගන්නවා වෙනුවට පණිවිඩකරු ට වෙඩි තියන වැඩක් තමයි මේ කරන්නේ...."
•බන්දුල ගුණවර්ධන කියලා තියෙනවා ඔබව ඇස් දෙකට වත් කවදාවත් දැකලා නෑ කියලා....ඇත්තක්ද ඒක....?
"මම එතුමත් එක්ක කතා කරලා නැහැ මොකද මම පස්සෙන් යන කෙනෙක් නෙවෙයි ...ඔය එක ඇමති කෙනෙක් ගෙවත් පස්සෙන් යන කෙනෙක් නෙවෙයි මම....එතුමාට මතක් වේ මම කවුද කියලා මම එක පාරක් meeting එකට ගියා ඒකෙදි එතුමයි ලසන්ත අලගියවන්න කාමරය ඇතුලට එනකොට එන කොට වාඩිවෙලා හිටපු එකම මනුස්සය තමයි මම....එතුමාට ඒක මතක ඇති....බන්දුල ගුණවර්ධනගේ office එකේ conference room එකට...එතුමා එනකොට අනිත් ඔක්කොම නැගිට්ටා මගේ එහෙම සිරිතක් නැහැ polititions ලා එනකොට නැගිටින්න ඕනි කියල කියලා මම නැගිට්ටේ නැහැ...."
•ඔබ සතොස මහා පරිමාණ දූෂණ හා වංචා අනාවරණය කළා අදත් ඒ ස්ථාවරය ඉන්නවද,අඩියක් පස්සට ගන්නවද...?
"නැහැ අදත් ඒ ස්ථාවරයේ ඉන්නවා...කිසිම වෙනසක් නැහැ ඒ වෙන දූෂණ වංචා ලංකා සතොස විශේෂයෙන් සතොසේ වෙන පාඩුව බිලියන ගණන් වලට පාඩු වන ආයතන ඔබතුමාලා බැලුවොත් ඕක chairman හතර දෙනෙක් ඉන්නවා...වාහන මේගොල්ලන්ට නඩත්තු පඩි ඔක්කොම ගෙවනවා...."
•ඒ කියන්නේ සතොස ඇත්තටම කිව්වොත් හොර ගුහාවක්....?
"ඔව් සතොසේ මහා පරිමාණ අක්‍රමිකතා...මේවා ගෙනියන්නේ පොඩි පොඩි හොරු නෙවෙයි මහා පරිමාණ හොරු...සතොසේ අදටත් CW එකට අයිති ලොරි තියනවා එකසිය විසි ගානක් ගාල් කරලා දිර දිර යනවා....රියදුරුවරු එකසිය ගානක් ඉන්නවා, පිරිසුදුකරන්නන් එකසිය ගානක් ඉන්නවා,ඇයි අපි මේ සභාපතිලා තියාගෙන ඉන්නේ මේ විදියට නම් වැඩ වෙන්නේ..."
•ඔබ මේ දේවල් අනාවරණය කරන්නේ බන්දුල ලසන්ත කියන දෙදෙනාට ද නැතිනම් ඊට පෙරද....?
"චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්න කාලේ එතුමා මට කිව්වා මේවා ටිකක් බලන්න කියලා ඉතින් මුලදි අපි ගිය වෙලේ ඒ වෙච්ච අක්රමකතා රිපෝට් එකක් හදලා එතුමාට දුන්නා....බන්දුල ඇමතිතුමා මම දැක්කා කියනවා එතුමා ගිහිල්ලා සීයයි දී CID එකට භාර දීපු investigation...මම නං හිතන්න එතුමයි කියලා බාර දුන්නෙ ඒක බාර දුන්නේ චමල් ඇමතිතුමා කාලේ මමයි ගිහිල්ලා ඒ documents වගයක් බාර දුන්නේ CID එකට....ඒ හාල් වංචාවයි,systems පිළිබඳ cctv ඇතුළුව සතොසේ pos system එක සම්බන්ධව වෙලා තියෙන මහා පරිමාණ අක්‍රමිකතා ටික ගිහින් CID එකට මමයි බාර දුන්නේ...මට හිතෙන්නේ ඒ පරීක්ෂණ තමයි ඇමතිතුමා කියන්නේ........''
•බන්දුල ගුණවර්ධන ඇමතිතුමා බාර දුන්න කියල කිව්වට ඔබ බාරදුන්න ඊට පෙර...?
"ඔව් ඊට පෙර...චමල් ඇමතිතුමා කාලයේ..."
•උඹ මේ දූෂණ අනාවරණය කරන්න පටන් අරන් තියෙන්නෙ අද ඊයෙක නෙවෙයි....?
"නැහැ මොකද මේ අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා වැඩ තහනම් වෙච්ච කට්ටියකුත් ඇවිල්ලා හිටියා රස්සාව ඉල්ලලා....ඒ කාලේ ඒ අක්‍රමිකතා දැක්කහම ඒගොල්ලන්ට රස්සාවල් දුන්නේ නැහැ....පහුවෙලා ඒගොල්ලන්ව රස්සාවල් වලට ආපහු අරගෙන තියෙනවා...හොර සහතික දීපු අය එක එක වංචා කරපු අය රස්සාවට ආයිත් අරගෙන තියෙනවා...."
• chairman කියනවා අපි මේක දැනගත්තෙ සේවිකාවක් මට එවපු එස්එම්එස් එකකින් මම ඒක කිව්වා විමර්ශන අංශයේ බ්‍රිගේඩියර්වරයාට ඇමතිතුමා එතකොට දැනගෙන හිටියා...මොකක්ද මේ කතාව එතකොට...?
"ඊට ඉස්සෙල්ලා වෙච්ච ඒව කොහොමද...උඳු කන්ටේනර එකක් ගෙනිහිල්ලා තියෙනවා,පිටි ගෙනිහිල්ලා තියෙනවා.,පරිප්පු....අපි එක පාරක් යනකොට අපිට අල්ලගන්න බැරිවුනා වැඩේ එතකොට එතනින් අයින් කරලා...මේ වගේම වරායෙන් ගෙනාපු ටිකක්....මේ සුදුලූනු එක පොඩි එකක් විතරයි...මේක කාලයක් තිස්සේ කරගෙන එන ලොකු පරිමාණයේ පරිමාණ ජාවාරමක්....මම අහගෙන කියනවා මාධ්‍යයේ ඉහළ කළමනාකාරීත්වය කොළඹින් පිට හිටියා කියලා....එතකොට උඳු කන්ටේනර යනකොට ,අනිත් දේවල් සතොසෙන් ගෙනයනකොට කොහෙද හිටියේ එතකොට .... "
•උඳු සීනි පිටි වංචාව ගැන කිසිම පරීක්ෂණයක් නැහැ..?
"ඒක මට හරියටම කියන්න බෑ හැබැයි මම දන්න තරමට දැනට කතා කරන්නෙ සුදු ලූනු එක ගැන විතරයි..."
•CID complain එකක් දාන්න ඔබ CID director ට කතා කරා කියලා කිව්වා අද වන තෙක් CID complain එකක් දාලා නැද්ද මේ වෙන තෙක්...?
"පාරිභෝගික අධිකාරිය පැත්තෙන් අහන්න ඕනේ මොකක්ද උනේ කියලා...මම දැම්මේ නැහැ ..."
•මම දැක්කා තොරතුරක් ඔබට තර්ජන තියෙනවා කියලා...?
"කාලයක් තිස්සේ එනවා ....ළඟකදි ආවේ නැහැ සුදුළූණු case එකෙන් පස්සෙත් ආවා...ඒ පිළිබඳ සටහන් මං තබලා තියෙනවා...."
•ඔබ හිතන ආකාරයට මේ ආයතන දෙක අපේ දූෂණ වලින් මුදා ගැනීමේ මගක් අමල් අමතිතුමා ගේ කාලේ ඉඳලා තමයි හඬ නගා ගෙන එන්නේ...ඔබ හිතන්නේ මේවා මඩින්න පුළුවන් දේවල් නෙමෙයි කියලා ද....?
"Political will එක තියෙන්න ඕනේ මේවා මැඩලන්න...political will එක නැත්තං කරන්න බැහැ...මේකට හරි විදියට ඇත්තටම පරීක්ෂණයකට යොමු වෙලා කරනවා නම් මම හිතන්නේ මේ ආයතන හදාගන්න පුළුවන්..."
•ඇයි ඇමතිවරුන්ට උවමනාවක් නැත්තේ දූෂණය මඬින්න ,මොකක්ද හේතුව ඇයි උවමනාවක් නැත්තේ ....?
"ඒ දේවල් සේරම කරන්න පුළුවන් සතොස ඇතුලේ බඩු තියෙන්න ඕනේ....සතොස ගියොත් මම කියන දෙයක් නෙවෙයි සාමාන්‍ය කෙනෙක් ඇවිදලා බලන්න සතොස ඇතුල මොනවද තියෙන බඩු ,බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නේ...සතොසක් ඇතුලට යන්න බැහැ ගඳ ගහනවා අනෙක් supermarket වගේ නෙවෙයි...ඒ වගේ දේවල් හදා ගන්නේ නැතුව බෝඩ් ගහන ඒවා පේන්ට් කරන ඒවා වැඩක් නැහැ ....ලොකු දේවල් කරන්න ඕනෙ නැහැ මේවා හදන්න පොඩි දේවල් කරන්න තියෙන්නේ...සතොසේ PNL එක පිටු තුනක් ඇති ඒ පිටු තුන බැලුවහම ඕ ලෙවල් කරපු පොඩි ළමයෙක්ට තේරෙනවා එක හදන්න ඕනෙ කොහොමද කියලා ...සතොසේ GP එක 6% සාමාන්‍යයෙන් ලොකු supermarket එකක් ගත්තහම 25% එහා තියෙන්නේ තියෙන්නෙ කොහොමද ස තො ස ක් දුවන්නෙ.... බිලියන ගානක බඩු හොරකම් කරගෙන යනවා...කොහොමද මේ ආයතන දුවන්නෙ....සතොස ආයතනය දුවන්න chairman ලා හතර දෙනෙක් ඉන්නවා .... අන්තිමට අහු වෙන්නෙ පොඩි ඒවා ...."
•සුදුළූණු වංචාව වුණත් ඉහළ අය මේකෙ ඉන්න පුළුවන් ...?
"ඉන්න පුළුවන් ඒක investigation එකක් කරලා හොයා ගන්න ඕනේ ..."
•ඒවා හොයයිද ඒවටත් ආරක්ෂාවක් ලැබුණොත්....?
"ඒක තමයි මම කියන්නේ සාමාන්‍යයෙන් වෙන රටක නම් භාරව ඉන්න ඇමතිවරයාගේ ඉඳලා top management එකම මේ වෙනකොට resign වෙලා....මේක ලොකු වංචාවක් නේ ඉතිං investigate කරන්න දෙනවා ....එහෙම වෙන්නේ නැත්තං ඒක ලොකු ප්‍රශ්නයක්....'"
•ඔබ කාලයක් තිස්සේ සතොස තුල සිදුවන දූෂණ වංචා අනාවරණය කරගෙන ආපු කෙනෙක්...ඔබට විවිධ අවස්ථාවල බාධාවන් එල්ල වුණාද කතා කරන්න එපා, නවත්තන්න, ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න, පඩි ගන්න, උදේ රස්සාවට එන්න, හවස යන්න, මේ වගේ බලපෑම් එල්ල වෙන්න ඇති....?
"බලපෑම් එල්ල වුණා හැබැයි කෙලින් කියන්නේ නැහැ ....මට කෙලින්ම කිව්වා නං අයින් වෙලා යන්න අපි අපේ කවුරුහරි දාගන්නම් කියලා ඒක වෙනම කතාවක්....එහෙම කියන්නෙ නැතුව වෙන ක්‍රමවලින් රස්සාවෙන් අයින් වෙන්න කියලා තියෙනවා ....ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නෙ..."
•මෙවර ඇත්තටම මොකද්ද උනේ ඔබ ඉවත් කළාද ඔබ ඉල්ලා අස් වුණා ද ...?
"මම ඉල්ලා අස් වුණා මොකද මේ තියෙන වාතාවරණය එච්චර හරි නැහැ .....ගොඩක් කට්ටිය අපහසුතාවයට පත් වෙනවා නං ,එතුමාලාට එතුමා ලගේ වැඩ කරගන්න මම බාධාවක් වෙලා තියෙනවා නම්,අපි ආවෙ වෙන දෙයක් කරන්න ඒ දේත් වෙන්නේ නැති නිසා මම හිතුවා එතුමා රට කර ගන්න ඇරලා අයින් වෙනවා කියලා..."
•ඔබ එක මාධ්‍යයක සඳහන් කරලා තියෙනවා ජනාධිපතිතුමා ලංකාවට එනකං ඉන්නෙ වංචා දූෂණ සියල්ල මම ලිඛිතව ඉදිරිපත් කරනවා කියලා..ඔබ ඒ ලිපි ගොනු සූදානම් කරල ද තියෙන්නේ ....?
"ඔව් ලිපි ගොනුව ලෑස්ති ....ඉතිං ඔය වගේම ලිපිගොනුවක් මම සීඅයිඩී එකට භාර දුන්නා....ඒ 2020 මුල හරියේ....සතොස වංචාවන් පිළිබඳව...සතොසේ PNL එක බැලුවහම සාමාන්‍යයෙන් මිලියන ගණන් වලින් තියෙන්නේ උඩ තියනවා තව බින්දු තුනක් දාන්න ඕනේ ඒ කියන්නේ ඔක්කොම බිලියන ගණන් වලින් ප්‍රශ්න තියෙන්නේ ....කිසිම වංචාවක් නෑ මිලියන ගණන් වලින් ඔක්කොම තියෙන්නෙ බිලියන ගණන් වලින්....ඒකනේ බිලියන ගණන් වලින් සතොසේ ප්‍රශ්න තියෙන්නේ ...CWE එකෙම් බඩු දානවා සතොස ට CWE එක ගිහින් ගන්නේ පිටකොටුවේන් රුපියල් පහක් හරි දහයක් හරි තියාගෙන ලංකා සතොස ට දානවා ....මේ වගේ අකාර්යක්ෂම වැඩ තියෙන තැනක්....මේක හදන්න සේවකයෝ ලෑස්ති ...."
•සුදුළූණු වංචාව තනි පුද්ගලයෙක් කරපු දෙයක් නෙවෙයි....?
"නැහැ ඒක වෙන්න බැහැ....පොඩි තැනකින් කරපු දෙයක් නෙවෙයි....ආපු හැටියෙම කිවුවනේ කවුරුත් උඩ කට්ටිය සම්බන්ධ නැහැ කියලා...එහෙම කියන්න කොහොමද පරීක්ෂණයක් නොකර..."
•මේ තියෙන ලිපිගොනු අරගෙන ඔබ යනවා ජනාධිපතිවරයා හම්බ වෙන්න ,ඒ වෙලාවේ මාර හොරකං වෙලා තියෙනවා නේ කියලා කියයිද ,බලල පැත්තකින් තියාවිද .....?
"මට හිතෙන්නෙ ජනාධිපතිතුමාට එහෙම opportunity එකක් ආවොත් කියන්න මට හිතෙන්නේ බොහොම seriously ගනී කියලා...එතුම සතොස වැහුවොත් පුදුම වෙන්න දෙයක් නැහැ ..."
•ඔබ එදා කිව්වා මම ගිවිසුමකට අත්සන් කළේ නැහැ ,සිමෙන්ති, පිටි,පාන් පිටි අත්සන් කළේ නැහැ මොකද ඒ ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසිදායකයි ඒකනෙ ඔබ කිව්වේ...?
"අත්සන් කළේ නැහැ මම ඒක දැනුවත් කළා සභාපතිතුමාට මේක වැරදියි මේක කරන්න එපා කියලා ...."
•කිරිපිටි වැඩි කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා,ගෑස් වැඩි කරන්න ඉල්ලීමක් කරලා තියනව මොකද ඔබ හිතන්නේ හෙට අනිද්දා මොනවා වෙයි ද ...?
"හාල් වල ගැසට් එක ගැලෙව්වා එක ගලවන්න සිද්ද වුණා ....මොකද over regulate කරලා...මේ හදලා තියෙන විකෘතිය කවුරුහරි ගලවනවා වාඩිවෙලා මට හිතෙන්නේ....කිරිපිටි නැති වෙන තත්වයකට ඇවිල්ලා,තව ටික දවසකින් සිමෙන්ති නැති උනහම තව තව දේවල් නැති උනාම ආණ්ඩුව ලොකු ප්‍රශ්නෙකට එන්නේ...එක්කෝ ගලවලා අයින් කරන්න ඕනේ ,නැත්තං මිල වැඩි කරලා ආයිත් cap එකක් දාන්න ඕනේ... හුග දෙනෙක් හිතාගෙන ඉන්නවා පාරිබෝගික අදිකාරිය තියෙන්නෙ ව්‍යාපාරිකයෝ මෙල්ල කරන්න කියලා ....එහෙම නෙවෙයි ව්‍යාපාරිකයන් වත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයා වත් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන්න පුළුවන් පුලුවන් ආයතනයක් ..."
•ඔබ හිතන්නේ හෙට අනිද්දා කිරිපිටි සම්බන්ධව හරි සිමෙන්ති සම්බන්ධව හරි gas සම්බන්ධව මිලට මොනවා වෙයිද...?
"අනිවාර්යෙන්ම වැඩි වෙයි..ඒක සාමාන්‍ය සිද්ධාන්තයක් ....පාරිභෝගික අධිකාරිය වැරදි ක්‍රම භාවිතා කරන්නේ..."
•ඔබ මෙහෙම කතා කරාට ඔබගේ ජීවිතය පිළිබඳ බයක් තියෙනවා ද ....?
"දැන් ටික ටික එහෙම බයක් තියනවා ...මම හිතන්නේ මේවට බය වෙලා බැහැ..."
සාකච්ඡාව - චමුදිත සමරවික්‍රම
(Text - Gossiplankanews.com)
0 Comments