පසුගිය 22 වනදා හබරාදූව මුහුදු තීරයට විදේශිකයකුගේ මළසිරුරක් ගොඩගසා ඇති බවට වාර්තාවේ.
නගරයේ ප්රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට මුහුදු තීරයේ තිබී මෙම මළසිරුරක් බදාදා සවස සොයාගෙන ඇති අතර පොලිසිය සිදු කළ පරීක්ෂාවේදී මියගොස් ඇත්තේ බික්ටොප් වික්ටර් නමැති 41 හැවිරිදි යුක්රේන ජාතිකයෙකු බව හැඳුනුම් පතක් අනුව සොයාගෙන තිබේ.
මෙම කාලයේ සංචාරයට ලබාදුන් පහසුකම මත පසුගිය 6 වනදා මොහු ලංකාවට පැමිණ එදිනම මිරිස්ස හෝටලයකට ගොස් ඇති අතර පැමිණ දින 3 කට පසු මෙම පුද්ගලයා ලණුමෝදර ප්රදේශයේ නිවසක නවාතැන්ගෙන සිටි බවද පොලිසිය සොයාගෙන ඇත.
ඔහු එලෙස ගුවන් තොටුපළේ සිට නවාතැනකට ගොස් ගතකර ඇත්තේ දින 2 ක නිරෝධායන කාලයකි.
ලණුමෝදර නිවසේදිගටම නවාතැන්ගෙන සිටි ඔහු නිවසේ සිටියදී මියගිය සිද්ධිය සිදුවූ 22 වැනිදා උදයේ නවාතැන්පොළේ හිමිකරුට අයත් යතුරුපැදිය රැගෙන මෙම වෙරළ තීරය වෙත ඔහු පැමිණ ඇත.වෙරළේ සිටියදී මියයාම කෙසේ සිදුවුණිද යන්න සම්බන්ධ වැඩිදුර සාක්ෂි තවම ලැබී නැත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර තිබෙන අතර මරණය කොරෝනා ආසාදනයෙන් වූවක්දැයි තවම හඳුනාගෙන නැත. හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
0 Comments