එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) අඟහරුවාදා ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘෘනායි යන රටවල COVID -19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් සංචාරය නොකරන ලෙස අනතුරු ඇඟවීය.
සීඩීසී සිය සංචාරක උපදේශනය අනුව එම රටවල් සඳහා "4 වන: ඉතා ඉහළ" මට්ටම දක්වා ඉහළ නංවමින් ඇමරිකානුවන්ට දන්වා සිටියේ එහි ගමන් කිරීමෙන් වළකින ලෙසයි.
සීඩීසී නෙදර්ලන්තය, මෝල්ටාව, ගිනි බිසෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා වන " 4: ඉතා ඉහළ" සිට "3 වන : ඉහළ" දක්වා වූ ශ්‍රේණිගත කිරීම් ලිහිල් කළ අතර එමඟින් එන්නත් නොකළ ඇමරිකානුවන් එම ගමනාන්ත වෙත යාම වළක්වා ගන්නා ලෙස ඉල්ලා ඇත.
සීඩීසී මඟින් ඕස්ට්‍රේලියාව "1: අඩු" සිට "2 : මධ්‍යස්ථ" දක්වා ඉහළ නැංවීය.
ඊට අමතරව, සීඩීසී විසින් ඇන්ගුයිලා, ඇන්ටිගුවා සහ බාබුඩා, බෙනින්, ඝානා, ග්‍රෙනඩා, ටර්ක්ස් සහ කයිකොස් දූපත් සඳහා වූ උපදේශන මට්ටම "3 මට්ටම" දක්වා ඉහළ නංවා තිබේ.
සීඩීසී විසින් රටවල් සහ එක්සත් ජනපද ප්‍රදේශ සඳහා සංචාරක නිර්දේශ නිකුත් කරන නමුත් එක්සත් ජනපදයේ තනි ජනපද සඳහා නිර්දේශ ලැයිස්තුගත නොකරයි. එය දැනට සමහර එක්සත් ජනපද ප්‍රදේශ ඇතුළුව "4 වන මට්ටම" ලෙස ශ්‍රේණිගත කර ඇති ගමනාන්ත 80 ක් පමණ ගමනාන්ත 80 ක් පමණ ලැයිස්තුගත කරයි.
(රොයිටර් පුවත් ඇසුරිනි)
0 Comments