weeraketiya-grand-father-

වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී පවුල් ආරවුලක් නිසා නිකරුනේ වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ 14 හැවිරිදි පාසල් සිසුවාගේ අවසන් කටයුතු සිදු කෙරුණු මොහොතේම ඔහුගේ සීයා එම සොහොන මතදී වස පානය කර සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් මින් පෙර වාර්තා විය.


වාර්තාවන ආකාරයට මොහු වස පානය කර ඇත්තේ අවසන් කටයුතු නිමවා පිරිස ගිය පසුය. දේහය මිහිදන් කිරීමෙන් පසු පිරිස සුසාන භූමියෙන් ඉවත්ව ගොස් මද වේලාවක් සුසාන භූමියේ රැඳී සිට ඇති සචින්තගේ 67 හැවිරිදි සීයා ඉනේ සඟවාගෙන තිබූ වස කුප්පියක් ගෙන සොහොන මත වාඩි වී එය පානය කර තිබේ. ඒ ආසන්නයේ සිටි ඥාතීන් පිරිසක් මෙය දැක ඇති අතර ඒ අනුව වස පානය කළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇත.
 ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහලේ වෛද්‍යවරුන් දන්වා තිබේ.
 ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් එකම පවුලේ පිරිසක් අතර ඇති වු ගැටුමකදී පියාට සිදුකළ වෙඩි තැබීමකින් මියගිය 14 හැවිරිදි සචින්ත නිම්සර පුතු අවාසනාවන්ත ලෙස සමුගෙන ගියේ 22 වනදාය.

මරණය සිදු කළ අය මේවනවිට අත්අඩංගුවේ පසුවේ.
පුතුට බෙහෙවින් ආදරය කළ සීයා වන 67 හැවිරිදි මොහොට්ටිගේ ජිනදාස මෙලෙස දිවිනසාගැනීමට තැත්දරා තිබුණ අතර ‘මොනතරම්  අපරාධයක්ද මේ...දරුව නැති වෙච්ච එක වාවන්නෙ නැහැ.. එයා නැතිව මට ජීවිතේ වැඩක් නැහැ කියලා හිතුණා.‘ සීයා පවසා තිබේ.
ඔහු ඉදිරියේදී රෝහලින් පිටව යනු ඇති බවට වෛද්‍යවරුන් දන්වා තිබේ.