whats-app-group-alert

ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් විසින් පවත්වාගෙන යන බවට සැක කෙරෙන වට්ස්අප් සමූහයක් ගැනබ විවිධ පණිවිඩ වට්ස් ඇප් ප්‍රමුඛ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව බස්නාහිර පළාත් බුද්ධි ඒකකයද දන්වා තිබේ.
බස්නාහිර පළාත භාර‍ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියලුම ඉහළ පොලිස් නිළධාරීන් මේ ගැන දැනුවත් කර තිබෙයි.



'Interschool' නමින් පවත්වාගෙන යන මෙම වට්ස්අප් සමූහය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන බවටත් මෙම සමූහයට යම් පුද්ගලයෙකුට ආරාධනා කිරීමෙන් පසු සමූහයට එකතු වුවහොත් නැවත ඔහුට ඉන් බැහැර විය නොහැකි බවටත් අදාළ අනතුරු ඇඟවීමෙස් නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත් තාක්ෂණවේදීන් පෙන්වා දෙන්නේ වට්ස් ඇප් පරිශීලකයින්ට එම සමූහයන් (ගෘප්) වලින් ඕනෑම වෙලාවක ඉවත්විය හැකි වන බවත් එවැනි අවහිර කිරීමක් තාක්ෂනිකව  සිදුවිය නොහැකි බවයි.