කොරෝනා මර්දන  කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය, ආරක්ෂක  යනාදී අංශවල  ඉදිරිපෙළ  සාමාජිකයන්ට  තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත  ලබාදීම  ලබන  මස  1 වැනිදායින් පසු ආරම්භ කිරීමට
අද දින රැස්වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ  විශේෂ රැස්වීමේදී තීරණය කර තිබේ.


කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ්  මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ  විශේෂ රැස්වීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පෙරවරුවේ පැවැත්වූ අවස්ථාවේ තුන්වන මාත්‍රාව සම්බන්ධ තීරණය ලබාගත් බවය.
මුල් අදියරේදී සෞඛ්‍ය, ආරක්ෂක ආදී ඉදිරිපෙළ අයටද දෙවනුව 60 ට වැඩි ජනතාවටද තෙවනුව 30-60 අතර ජනතාවටද ආදී ලෙස ඉදිරියේදී බූස්ටර එන්නත ලබාදෙනු ඇතැයි වාර්තා පළවේ.

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිත බවද අද එය තීරණය කළ බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.