අද සිට කිරිපිටි සඳහා වන නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ් මෙසේය.
කිරිපිටි කිලෝ 1ක මිළ රුපියල් 250 කින් නව මිල රුපියල් 1,195
කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 100 කින් නව මිල රුපියල් 480
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලාෆ් හා ලිට්රෝ ගෑස් සමාගම් ඒ්කාබද්ධව පවසා තිබේ. සිකුරාදා (8දා) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී රුපියල් දහසකින්වත් ගෑස් මිල වැඩි කළ යුතු බව සමාගම් පෙන්වා දී ඇතිමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යෝජනා කර ඇත්තේ ගෑස් මිල රුපියල් පන්සිය පනහකින් වැඩි කළ යුතු බවයි.තවම අවසන් නිගමනය නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval