ශ්‍රී ලංකා වයස 19න් පහළ ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතුවලට දේශපාලනඥයන්, විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු සහ දෙමාපියන්ගෙන් නොනවත්වා බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි කිහිපයක් ඉලක්ක කරගනිමින් මේ වනවිටත් 20දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ අවසන් සංචිතය තෝරාගෙන අවසන් වුවත්, ඒ වෙනුවෙන් සිදුකරනු ලබන බලපෑම්වල අඩුවක් නොමැති බවද එම ආරංචි මාර්ගවල සඳහන් වේ. ම

ෙරට පැවති පාසල් වයස අවුරුදු 19න් පහළ අවසන් තරගාවලියේදී දැක් වූ දක්ෂතා සැලකිල්ලට ලක්කරමින් පාසල් සංගමයේ නිලධාරියෙකු, දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්, පළාත් තේරීම් කමිටු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කනිෂ්ඨ තේරීම් කටු සමාජිකයන් එක්ව කණ්ඩායම් පහකට ක්‍රීඩකයන් 15 දෙනා බැගින් තෝරාගනු ලැබීය. එම ක්‍රීඩකයන් දඹුල්ල, ගාල්ල, නුවර යන කණ්ඩායම් තුනට සහ කොළඹ කණ්ඩායම් දෙකකට බෙදා සතිතුනක නේවාසික පුහුණුවකින් පසුව පන්දුවාර විස්සයි20 තරග කිහිපයක් මෙන්ම එක්දින තරග කිහිපයකට සහභාගි විණි. ඉන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන්ගෙන් 26 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගැනුණි.

 එම පාසල් ක්‍රීඩකයන් 26 දෙනා නැවත සති දෙකක කාලයක් ජෛව බුබුළක් තුළ හිදිමින් පුහුණුවීම් සිදු කළේය.

එම පුහුණුවෙන් පසුව පැවති පුහුණු දෙකකින් පසුව අවසන් 20 දෙනාගේ සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනුණි. එවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මකකර දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් තෝරාගෙන අවසන්ව ඇති වටපිටාවක් තුළද ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිපදෙනෙකු, ජාතික දේශපාලනඥයන් කිහිපදෙනෙකු, විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු සහ දෙමාපියන් කිහිපදෙන්නෙකු විසින් දිගින් දිගටම බලපෑම් සිදුකිරීම ගැටලු රාශියක් ඇතිකිරීමට හේතුවක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව වාර්තාවේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාස්පක්ෂ මහතාද තේරීම් කමිටු නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය බලපෑමකින් තොරව කරගෙන යෑමට අවස්ථාව සලසාදී තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයාටද ඉහතින් සඳහන්කළ පාර්ශව බලපෑම් කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.