මාර්ග වැරදි සම්බන්ධයෙන් ලෝකයේ විශාලතම දඩමුදල් අයකරන රටක් හැටියට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැලකේ.
අබුඩාබි පොලිසිය සිකුරාදා සමාජ මාධ්‍ය වෙත අලුත්ම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර දන්වා සිටියේ අනතුරු සුලබව ඇති බැවින් සැලකිලිමත් වන ලෙසයි.
සැබෑ අනතුරු සීසීටීවී උදාහරණ සහිතව වීඩියෝ පටයක්ද ඔවුන් නිකුත් කර තිබුණි. රථවාහන සංඥා පහන් නොසලකා හැරීමෙන් අනතුරු සිදු කළ අවස්ථා එකතුවක් බෙදා හදා ගත්තේය. වීඩියෝ පටයේ දැක්වෙන්නේ වාහන රියදුරන් කිහිප දෙනෙකු රතු ලයිට් පසුකරමින් වේගයෙන් එන වාහන කෙලින්ම ඉදිරියට එන රථ වාහන ගැටෙන අයුරුයි.
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ මාර්ගය කෙරෙහි අවධානය යොමු කර වාහන පහන් වලට අවනත වන ලෙසයි. රතු ලයිට් පනින්නට වඩාත් පොදු හේතු නම් අන්තර්ජාලය සැරිසැරීම, දුරකථනයෙන් කතා කිරීම, ඡායාරූප ගැනීම හෝ කාරයේ සිටින අනෙක් පුද්ගලයින් සමඟ කතා කිරීම ය.
පදිකයින් ගැන මෙන්ම ඔවුන්ගේ සාමාන්‍ය පරිසරය ගැනද සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.
අබුඩාබි පොලිසිය නිකුත් කළ නිවේදනයට අනුව, රතු එළිය දැල්වෙමින් තිබියදී හන්දියක් හරස් කරන්න යද්දී හසුවන වාහන රියදුරන් සඳහා ඩිරාම් 1,000 ක (රුපියල් 55000ක) දඩයක් නියම කෙරේ. ඔවුන්ගේ පොතේ කළු ලකුණු 12 ක් දමා ඔවුන්ගේ වාහන දින 30 ක් රඳවා ගනු ඇත.නැවත නිදහස් කරගැනීමේ ගාස්තුද පසුව ගෙවිය යුතුය.
රතු එළිය දැල්වෙමින් තිබියදී හන්දියක් හරස් කරන්නට ගොස් අනතුරක් සිදු කලොත් දඩය ඉතා විශාලය.
එවැනි වාහන හිමියන් ඩිරාම් 51,000 ක (රුපියල් ලක්ෂ 28 ක)දඩයක් ගෙවිය යුතුය. ඔවුන්ගේ වාහන රාජසන්තක කරන බැවින් වාහනයේ වටිනාකමද අලාබයක් බවට පත්වනු ඇත.
අබුඩාබි එමිරේට්ස් හි වාහන අල්ලා ගැනීම සම්බන්ධයෙන් 2020 අංක 5 දරණ නීතිය යටතේ මෙම දඩපැනවීම් සිදු කරනු ඇත.
රතු සංඥා අවස්ථාවන්හි අවධානය වෙනතකට යොමු නොකරන ලෙස අබුඩාබි පොලිසිය රියදුරන්ට අනතුරු අඟවා තිබේ. අනතුරු වළක්වා ගැනීම සඳහා පදිකයින්, මාර්ග සංඥා සහ රථවාහන උපදෙස් පිළිපදින ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
(ගල්ෆ් නිවුස් ඇසුරිනි - Gossiplankanews.com)
අබුඩාබි පොලිසිය බෙදාගත් වීඩියෝව පහතින්
0 Comments