2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක මුදලක්
වැය කර ජී.අයි.බට මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම


සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදහස් කර තිබෙයි.

ඒ එම නඩුවට අදාළ චෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මෙම
නියෝගය ලබාදී තිබුණි.