අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවය අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ  ජනාධිපතිතුමා මූලිකත්වයෙන් පැවැත්විණි.


සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිතුමා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය  විවෘත කර රණවිරු අයිතියට පත් කළේය.
අනතුරුව ජනාධිපතිතුමා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කළේය.සැමරුම් උළෙල ඇමතීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඇති මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ ජනාධිපතිතුමා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම, ක්‍රීඩාගාරය සඳහා  මුල්ගල තැබීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. කණිෂ්ඨ හා බලලත් නිලධාරීන්ගේ නිවස්නයන් සහ ගජබා රෙජිමේන්තුවේ ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර, ධාවනයට එක්කළ හමුදා රථ ජනාධිපතිතුමා නිරීක්ෂණය කරනු ලැබීය.
All Pictures CLCK HERE



72nd Army Day Celebration - PHOTOS
All Pictures CLCK HERE
72nd Army Day Celebration - PHOTOS