Admissions-are-now-open-for-the-Clogard-Natural-Salt-Tab-Luck-program

"ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා"  යනු ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් මගින් මුඛ සෞඛ්‍ය කෙරෙහි ස්වාභාවික ලුණු වල ඇති බලය පිළිබඳ දැනුවත් කිරීම සහ ළමුන් සඳහා අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය පහසු කිරීමේ අභිලාෂය අරමුණු කරගත් මුල පිරීමකි. එමඟින් සහභාගිවන්නන්ට ඔවුන්ගේ අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත්කරමින් නවතම ටැබ් දිනා ගැනීමට අවස්ථාව උදා වේ.
 
දිනුම් ඇදීමට සහභාගී වීම සඳහා පාරිභෝගිකයින්, දිවයින පුරා පවතින වෙළඳසැල් වලින් ලබා ගත හැකි ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) මිලදී ගත යුතු අතර එහි ඇසුරුමෙහි ඇති සංකේත 6කින් යුතු රහස් අංකය තම  ජාතික හැඳුනුම්පත් අංකය සමඟ TAB <හිස්තැනක්> XXXXXX <හිස්තැනක්> ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සඳහන් කර 8866 ට කෙටි පණිවුඩයක් මඟින් යොමු කිරීම මගින් තරඟයට ඇතුලත් විය හැකිය. දිනුම් ඇදීම නොවැම්බර් මස  අවසානය දක්වා විවෘතව පවතී.

මේ වන විට ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට්  මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් තෝරා ඔවුන්ට නවතම ටැබ් බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. මෙතෙක් තෝරා ගත් ජයග්‍රාහකයින් ඔවුන් ලද  නවතම ටැබ් පිළිබඳව  සතුටට පත්ව සිටී. ඉදිරි සති කිහිපය තුළදී තවත් ජයග්‍රාහකයින් තෝරා  ගැනීමට බලාපොරොත්තු වන අතර  මෙම තරඟයට ඇතුලත් වීම සඳහා කළ යුත්තේ ක්ලෝගාර්ඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා 120g ප්‍රවර්ධන පැකේජයක් මිලදී ගෙන දිනුම් ඇදීම සඳහා ඉහත සඳහන් උපදෙස් පිළිපැදීමයි.

ප්‍රවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ක්ලෝගාඩ් හි ජේෂ්ඨ සන්නාම කළමනාකාරිනී රමිලා ප්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් දැක්විය "නැචුරල් සෝල්ට් දන්තාලේපයක් භාවිතා කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව සෙසු ශ්‍රී ලාංකිකයින් දැනුවත් කරමින්, මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට හැකි වීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වනවා. මේ ආකාරයෙන් ගත් කල, ‘ටැබ් වාසනා’ වැඩසටහන  අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලියට මාරුවීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දෙන දරුවන් වෙත ළඟා වීමට අපට හැකි වූ  අවස්ථාවකි. තවද මෙම මුලපිරීම ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවන්ගෙන් ඔබ්බට ගොස් මෙම ඩිජිටල් ලෝකය තුළ සැරිසැරීමට අවශ්‍ය හැකියාවන්ගෙන් ඔවුන්ව සවිබල ගන්වනු ඇතැයි  අපට විශ්වාසයි.”

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්‍ෂණයෙන් හෙළි වූයේ ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් 47% ක් විදුරුමස් රෝගයෙන් පෙළෙන බවයි. මෙය දරුවන් තුළ සාමාන්‍ය සිදුවීමක් විය හැකි නමුත්, හඳුනා ගත මුල්ම අවස්ථාවේදීම එයට නිසි පිළියම් කිරීමෙන් ඔබේ දරුවා එයින් මුදවා ගත හැකිය! ඔබේ පවුලට හොඳම දේ ලැබිය යුතු අතර හොඳ මුඛ සෞඛ්‍ය සහ සනීපාරක්‍ෂාවක් යනු ලැබිය හැකි වටිනාම දෙයකි.

1992 දී ක්ලෝගාඩ් හඳුන්වා දීමෙන් පසුව  මුළු පවුලම දත් කුහර වලින් ආරක්ෂා කරන ශ්‍රී ලාංකික නිවෙස්වල මුඛ සෞඛ්‍ය සත්කාර සියල්ල එක තැනකට කැටිකොටගත් හොඳම විසඳුම බවට පත්ව ඇත. ක්ලෝගාඩ්හි නව නැචුරල් සෝල්ට් ප්‍රභේදය  ක්‍රියාකාරී සින්ක් සහ ෆ්ලෝරයිඩ් වලින් සමන්විත වන අතර සෞඛ්‍ය සම්පන්න විදුරුමස් සහ ශක්තිමත් දත් වලට උරුමකම් ලබා දෙන අතර විෂබීජ වලට එරෙහිව සටන් කර යහපත්  මුඛ සෞඛ්‍යයක්  තහවුරු කරයි.

 sponsored article