විස්සයි20 ක්‍රිකට් තරගවලදී වැඩිම කඩුළු ලාභියා ලෙස ලසිත් මාලිංග තරග 84කට ක්‍රීඩාකරමින් කඩුලු 107ක් බිඳ දමා තබා තිබූ වාර්තාව බංගලිදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් ඊයේ බිඳ දැම්මේය.
මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට ක්‍රීඩා කිරීමට සිදුවූ තරග සංඛ්‍යාව 89ක් වූ අතර ඔහු ඊයේ ලබාගත් කඩුළු 2 කින් පසු විස්සයි විස්ස පිටියේ බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 108කි.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදී ශකීබ් මෙම වාර්තාව තමන් සතුකර ගත්තේය.මෙම තරගයේ දී ශකීබ් ලකුණු 17කට කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් විය.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ පැවති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරදවා ලකුණු 06ක තියුණු ජයක් ලැබීමට ස්කොට්ලන්තය සමත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval