2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ගරු සිරිල් ගාමිණී පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති ද්වේශ සහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමින්, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් අද දින (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබෙයි.
එම ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බව, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම වසරේ ඔක්තෝම්බර් 23 වැනි දින පැවති සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින්, සිරිල් ගාමිණී පියනම විසින් කරන ලදැයි කියන ප්‍රකිශයක් ගැනයි.
එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ, සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයෙකු වූ, මේජර් ජනරාල් සලේ ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන ලද බවයි.
සිරිල් ගාමිණි පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, මේජර් ජෙනරාල් සලේ මහතා අවධාරණය කර ඇත්තේ, තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් නගා ඇති එම සියලු චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
මේජර් ජෙනරාල් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිට ඇත්තේ, සිරිල් ගාමිණී පියනමට හා එම සංවාද මණ්ඩපයට සහභාගී වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
0 Comments