Intelligence-agencies-are-looking-for-those-who-have-violated-provincial-boundaries-and-gone-on-excursions

පළාත් සීමා උල්ලංඝනය කරමින් විනෝද චාරිකා ගොස් තිබෙනවාද යන්න සොයා බැලීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල රථ ගාල් බුද්ධි නිලධාරීන් යොදවා නිරතුරුවම පරීක්ෂා කිර්මවලට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.
පළාත් සීමා උල්ලංඝනය කර තිබෙන රියැදුරන්ට හා පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවත්

එසේම අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට පළාත් හරහා ගමන් කිරීමට පැමිණෙන වාහන හා පුද්ගලයන් අපසු හරවා යැවීමට කටයුතු කරන බවත්, ඊයේ (17දා) උදැසන 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළදී ඒ ආකාරයට අවසර නොමැතිව පැමිණි වාහන 526 හා පුද්ගලයන් 1,090 ආපසු හරවා යවා තිබෙන බවත් ඔහු කීය.

කෝවිඩ්-19 තත්ත්වය පාලනය වෙමින් තිබෙන නිසා තවදුරටත් එය පාලනය කරගැනීම සඳහා රටේ සියලුම  ජනතාවගේ සහයෝගය තවදුරටත් අවශ්‍ය බවද පවතින නිවාඩු තත්වය සැලකිල්ලට ගනිමින් මේ දිනවල විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටින  ලෙසද, මහජනතාව විශාල ලෙස ගැවසෙන ස්ථානවලට ගමන් කිරිමෙන් වැළකී සිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

පළාත් හරහා ගමන් කිරීමට අවසර ලබාදී තිබෙන්නේ, අත්‍යවශ්‍ය සේවා කටයුතු කරන වාහන හා පුද්ගලයන්ට පමණක් බවත්, මේ නිසා අනවශ්‍ය ආකාරයට පළාත් හරහා ගමන් කිරීමට නොපැමිණෙන ලෙසද ඔහු අවධාරණය කරයි. නීතිවිරෝධී ආකාරයට පළාත් හරහා ගමන් කිරීම් වැළැක්වීම සඳහා රට පුරා මාර්ග බාධක 158ක් යොදවා තිබෙන බවත්, බස්නාහිර පළාත් සීමාව තුළ පමණක් මාර්ග බාධක 13ක් යොදවා පරීක්‍ෂා කිරීම් සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.