බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මස්සැන්න හලකන්ද නිවසක කාමරයක් තුළ තිබී පසුගියදා හමු වූ තරුණියගේ සිරුර සම්බන්ධයෙන් මේවනවිට වැඩිදුර තොරතුරු අනාවරණයවී තිබේ.
මෙසේ මියගියේ මුල්පනාන, කන්තලේ හේරත් මුදියන්සේගේ දුෂානි ප්‍රියන්කා නමැති අවිවාහක තරුණියකි. මුහුණු පොතේ ආදර සබඳතාවක් මත විසිතුන් හැවිරිදි තරුණයා ඇය සිය නිවෙසට කැඳවා ගෙන විත් ඇත්තේ පසුගිය ඔක්තෝබර් තුන්වැනි දා බව පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි. මෙම තරුණයා පසුගිය 19 වැනිදා රාත්‍රි සිය ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් ගොස් සිටි අවස්ථාවේ තරුණිය මෙම මරණයට ගොදුරු වී ඇති බවට පැමිණිලි කර ඇතැයි පොලීසිය කියයි.
මොවුන් දෙදෙනා එකම නිවසේ අඹුසැමියන් ලෙස දින දහසයක් ජීවත් වුවද මෙතෙක් නීත්‍යනුකූලව විවාහ වී නැති බවද පොලීසිය පවසයි. තරුණයාගේ මව පී.කේ. සුනීතා (43) පොලිසියට කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වී ඇතැයි කියයි.
ළග ගෙදරක පැවැත්වෙන ගෙවැදීමේ උත්සවයක් සඳහා කැවිලි සෑදීමට ගොස් සිට රාත්‍රි 8.30 ට පමණ නිවෙසට පැමිණියා. ලෙලි සිටි කාමරයේ දොර වසා තිබුණා. මම කතා කළා ඒත් කිසි සද්දයක් ඇහුණේ නැහැ. ඒ ගමන් මම පොඩි පුතා මේසයක් මත නග්ගවා කාමරේ පරීක්ෂා කර බැලුවා, එවිට ලේලි එල්ලෙමින් සිටින බව දැනගෙන පාරේ ගමන් කළ කෙනෙක් ලවා කාමරේ ඇතුළට බැහැලා දොර ඇරියා. ඒ ගමන්ම බෙල්ලේ ගැට ගහලා තිබුණු බෙඩ්ෂීට් පටිය කැපුවා. මම බැලුවෙ දුව බේරගන්න පුළුවන් ද කියලා
යැයි පොලීසිය කියයි.
බලංගොඩ පොලීසියේ නිලධාරින් සිද්ධිය වූ නිවෙස පරික්ෂා කරන අවස්ථාවේ තරුණියගේ බෙල්ලේ ගැට ගසා තිබූ රෙදි පටිය කපා තිබූ බව ද පොලීසිය සඳහන් කරයි. මියගිය තරුණියගේ පියා වන සදාම්නගර්, මොල්ලිපොතාන පදිංචි හේරත් මුදියන්සේලගේ අනුර බණ්ඩාර පොලිසියට කියා සිටියේ මෙසේය.
“පසුගිය තුන් වැනිදා දුව ගෙදරින් ඇවිත් තිබුණා. එයා පාවිච්චි කළ ෆෝන් එකේ මම බලන්ගොඩ අයියත් එක්ක යනවා, එයා හරි හොඳයි, එයා මාව හොඳට බලා ගන්නවා, මෙහෙම කළාට මට සමා වෙන්න. ඔයාල සතුටින් ඉන්න. " කියලා ටයිප් කරලා යන්න ගිහින් තිබුණා. ගියාට පස්සෙ අපිට කීපවිටක් කතා කළ නිසා අපි පොලිසියට පැමිණිල්ලක් කළේ නෑ. දවසට වරක් දෙවරක් කතා කරනවා. 19 වැනිදා උදේ මොනවද ප්‍රශ්න තියෙනවද කියලා ඇහුවම තියෙනව කිව්වා. ඒවා මෙහෙම කියන්න බෑ කිව්වා. ඒක තමා අවසානෙට ගත්ත කෝල් එක. මේ මරණය ගැන අපට පැහැදිලි සැකයක් තියෙනවා “
යැයි පැවසූ බව පොලීසිය කියයි. තරුණීය ගෙල වැලලා ගන්නට ඇතැයි සැලකෙන රෙදි පටිය ද බලංගොඩ පොලිස් භාරයට ගෙන ඇත.
මස්වැන්න හෙලකන්දේ ජයසිංහ මුදියන්සේලාගේ ගිහාන් උදේශ් ජයසිංහ (23) ගේ ප්‍රකාශය පොලිස් පොතෙහි සඳහන් වන්නේ මේ අයුරෙනි.
"මට මෙයා හමු වුණේ ෆේස්බුක් එකෙන්. යාළු වෙලා මාස නවයක් දහයක් ගත වුණා, චැට් කරලා තමයි මෙම තරුණිය හොයා ගත්තේ හොඳම යාලුවෙලා. එයා හමුවෙන්න ගියා කන්තලේ ටවුමට. ගෙදරට ගියේ නෑ. එක්ක එන දවසෙත් මගට ගියේ. තුන්වැනිදා ගිහින් රෑ එන්න බැරි නිසා හෝටලයක හිටියා. හතරවැනි දා ගෙදර ආවා. අපේ ගෙදර කට්ටිය දන්නවා. එයාලා අකැමැති වුණේ නැහැ. පොඩි පොඩි දේවල්වලට රණ්ඩු වුණා. ඉක්මනින් යාළු වුණා. අපි හොඳට හිටියා. මෙහෙම දෙයක් කර ගත්තේ ඇයි කියලා හිතා ගන්න බැහැ."
බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.එම්. චන්ද්‍ර මහතා මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළ අතර බලන්ගොඩ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය චතුරංග විසින් රත්නපුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ස්ථානීය පරීක්ෂණ පවත්වා බලගොඩ මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසට නියෝගයක් ලබා දුන් බවට පොලීසිය ප්‍රකශ කරයි.
ඒ අනුව ඊයේ 21 වැනිදා උදෑසන මෘතදේහයේ පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කළ අතර අද 22 වැනිදා පශ්චාත් ස්ථානාධිපතිවරයා මරණ පරීක්ෂණය බලංගොඩ මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
මේ ගැන විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි බලගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පි.ඩි.ඩී.පී. ජයකොඩි මහතා පවසයි.
(සම්පත් පියනන්දන)
සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
ෆේස් බුක් එකින් දැන පුතා නිවසට කැන්දාගෙන ආ ලේලි එල්ලී මැරුණලු සලකුණු නෑලු
0 Comments