Myanmar-junta-sentences-Suu-Kyis-accomplice-to-20-years-in-prison

මියන්මාර හමුදාව විසින් බලයෙන් පහ කරන ලද සිවිල් නායිකා අවුන් සාන් සුකීගේ සමීපතම සහායකයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ NLD කථානායක Win Htein Naypyidaw හට  වසර 20 ක සිරදඬුවම් අද නියම කරනු ලැබීය. විශේෂ අධිකරණයක් විසින් දේශද්‍රෝහී චෝදනාවකට ඔහු වරදකරු කරනු ලැබීය.
පෙබරවාරි 1 මියන්මාර රජය පෙරළා දමන ලද්දේෙ 2020 මැතිවරණයේදී වංචාවක් සිදු කළ බවට චෝදනා කරමිනි.
මේ දක්වා ඉන්පසු ඇතිවු ජනතා අරගල නිසා 1200 කට අධික පිරිසක් මියගොස් රටම අවුලක පවතී.
80 හැවිරිදි Win Htein, නඩු විභාගයකින් පසුව ජුන්ටාව විසින් දඬුවම් කරන ලද පළමු ඉහළ පෙළේ NLD සාමාජිකයා වේ.


සූ කීගේ දකුණු අත ලෙස සැලකෙන ඔහු රෝද පුටුවේ සිටින  අයෙකු වන අතර ඔහු අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ හෘද හා තයිරොයිඩ් රෝගවලින් පීඩා විඳියි.
මෙම දඩුවම ජුන්ටාවේ පලිගැන්මේ ආරම්භයක් පමණක් වන අතර දැනටමත් සිරගතව සිටින අවුන්සාන් සුකීට ඊට එහා දඩුවම් නියම කරනු ඇතැයි පැවසේ.
නීතිවිරෝධී ලෙස වෝකි ටෝකි ආනයනය කිරීමේ සිට කොරෝනා වයිරස් නීති උල්ලංඝනය කිරීම දක්වා ඇය දශක ගණනාවක් සිරගත කළ හැකි චෝදනා රැසකට මුහුණ දෙයි.‍
නොබෙල් ත්‍යාගලාභී 76 හැවිරිදි සුකී, ඇයගේ නඩු දිනයේ කිසිදු සාක්ෂි කරුවෙකු කැඳවීමට අවසරදී නැති අතර ඇය තමා වෙනුවෙන් පෙනී සිටින බව වාර්තාවේ.

(ඒඑෆ්පී ඇසුරිනි -  Gossiplankanews.com)