1990 දශකයේ පැවති තලේබාන් පාලනය පිළිගත් රටවල් තුනෙන් එකක් වූ පකිස්ථානය තලේබාන්නු නැවත ඇෆ්ගනිස්තානයේ බලයට පත් වීමත් සමඟම එම කණ්ඩායම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තලේබාන් සංවිධානය අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ හිටපු රජය පෙරලා දැමූ අතර එතැන් සිට ඔවුන්ගේ ඉස්ලාමීය පාලනය සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහ මූල්‍යමය ආධාර ලබා ගැනීමට උත්සාහ කළහ.
නව ඇෆ්ගන් රජයේ මුල් මාස කිහිපය තුළ අසල්වාසීන් අතර ඝට්ටනයක් ඇති වී තිබේ, විශේෂයෙන් ගුවන් සම්බන්ධතා සහ දේශසීමාව හරහා භාණ්ඩ ප්‍රවාහනය පාලනය කිරීම පිළිබඳව ඔවුනට අසල්වාසී සහය අවශ්‍යවී ඇත.
පකිස්ථානයේ ගමනාගමනය නැවැත්වීමෙන් පසු පකිස්ථානයේ සහ ඉන්දියාවේ විකිණීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයේ පළතුරු ලොරි තොගයක් පසුගිය සති කිහිපය තුළදී ස්පින් බෝල්ඩාක් මායිමේ කුණු වීමට ගිය බව වාර්තා විය.
තලේබාන් බලය ලබා ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ අගනුවර වෙත පකිස්තාන විදේශ ඇමති කුරේෂි ගොස් තිබේ.
අගෝස්තු මස මැද භාගයේදී තලේබාන් සංවිධානය බලයට පත් වීමෙන් පසු කටාර් සහ උස්බෙකිස්ථාන් රාජ්‍යයන්ගෙන් පසු ඇෆ්ගනිස්ථානයේ සංචාරය කරන තෙවන විදේශ ඇමතිවරයා වන්නේ කුරේෂි ය.
බදාදා රුසියානු රජය තලේබාන් සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකට සහ චීනය සහ පාකිස්ථානය ඇතුළු රටවල් 10 ක නිලධාරින්ට සත්කාරකත්වය ලබා දුන්නේය.
"ඇෆ්ගනිස්ථානය හුදකලා කිරීම කිසිඳු පාර්ශවයකට උවමනාවක් නොවේ. අතීතයේදී මෙය ඔප්පු වී ඇත"
යනුවෙන් තලේබාන් උප අගමැති අබ්දුල් සලාම් හනාෆි මොස්කව් සම්මේලනයේදී පැවසීය.
"එම නිසා අපි ඇෆ්ගනිස්ථානයේ වත්මන් රජය පිළිගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු." ඔහු පැවසීය.
ඒ අනුව නව තලේබාන් පාලනය ක්‍රමයෙන් ඇමරිකානු නොවන කඳවුරේ පිළිගැනීමට ලක්වෙමින් පවතී.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)
0 Comments