Penny Abeywardena

යුද ගැටුම් සමයේ දී තම මවුපියන් සමග ලොස් ඇන්ජලීස් නුවරට පලාගිය පෙනීයි අබේවර්ධන නමැති ශ්‍රී ලාංකික දැරියක, ඇයට වීසා හිමි කාලය ද ඉක්මවා රැදී සිටීමෙන් අනතුරුව ජීවිතය ජයගත් ආකාරය   නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක දැක්වේ. ජාත්‍යන්තර සම්බන්ධතාවන්ට අදාළ රැකියාවක නිරතවීමෙන් අනතුරුව ඇය එම  ක්ෂේත්‍රයේ තරුවක් බවට පත් වූවාය. මෑතක දී නිම වූ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවෙන් අනතුරුව නිව්යෝක් ටයිම්ස් පුවත්පත අවධානයට නතු වූ ඇය එම පුවත්පතෙන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූවාය.

ඇගෙන් විමසන ලද ප්‍රශ්න සහ ඈ දුන් පිළිතුරු ඔක්තෝබර් 7 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ විය. එහි සිරස්තලය යොදා තිබුණේ වයස අවුරුදු  හතදී ශ්‍රී ලංකාවෙන් පලාගිය ඇය දැන් නුවරක නායකත්වය හොබවන්නීය." යනුවෙනි. ෆෙඩරල් හෝ අර්ධ ෆෙඩරල් ආණ්ඩුවල පවා ජාත්‍යන්තර සම්බන්ධතා නැමති විෂය අති විශේෂ වූවකි. එහි විෂය ක්ෂේත්‍රය සීමාවන්නේ කලාතුරකිනි.  පෙනීයි අබේවර්ධනට තමාගේ නගර සභාව වෙනුවෙන්, ජාත්‍යන්තර සබඳතා විෂයේ කාර්යභාරයන් රාශියක් පැවරී තිබිණි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක  සත්කාරකභාවය දැරීම එවැනි නගරයට පැවරුණ අතිශය භාර ධූර කාර්යයක් විය.

ඇගේ මෙම කාර්යයන් ඇරඹුණේ වසර අටකට පෙර ඇයට නිව්යෝක් නගරයේ  නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ මුණ ගැසුණු පසුවය. නගරයට අදාළ අන්තර්ජාතික කටයුතු පිළිබඳ කාර්යාලය වැඩි දියුණු කිරීම පිළිබඳව ඔහු එවේලේ ඈ සමග සාකච්ඡාවක  යෙදුන්නේය. ඒ දක්වා එම කාර්යාලය සමාජ උත්සව සංවිධානය කිරීම සහ රථ වාහන ගාල් කිරීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පාලනය කරන ආයතනයක් ලෙස පමණක් හඳුනාගෙන සිටි බව නියෝක් ටයිම්ස් පුවත්පතේ ලිපිය කියයි.  ශ්‍රී ලාංකීය ඇමෙරිකානු කාන්තාව ඉක්මණින්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ  කොමසාරිස් ධූරයට පත් කෙරිණි. ඇය එම ධුරයේ සේවය කිරීමට පත් වූ පළමු සුදු ජාතික  නොවන සංක්‍රමණික කාන්තාව වූවාය.

තරම කාර්යාලයේ කටයුතු විවිධාංගීකරණයට ලක් කළ ඇය,නිව්යෝර්ක් නගරයේ කණිෂ්ඨ තානාපති වැඩසටහන් වැනි වැඩ සටහන් දියත් කරමින් එම ආයතනයේ සේවා සැපයුම්,  සේවාලාභීන් හට පහසු කළාය. කනිෂ්ඨ තානාපති වැඩසටහන් හඳුන්වාදෙනු ලද්දේ මධ්‍යම පාසැල් දරුවන් එක්සත් ජාතීන්ට හඳුන්වා දී අසල්වැසි රටවල් ආශ්‍රයෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීම දිරිමත් කරනු උදෙසාය. නිව්යෝක් නගරය වසා කෝවිඩ් 19 වසංගතය පැතිරි ගිය විට ඇය එක්සත් ජාතීන් සම්බන්ධීකරණය කරමින් මුව ආවරණ 250,000ක්, වෙන්ටිලේස්ටර්, ඔක්සිජන් ආදිය පරිත්‍යගලෙස ලබා ගත්තාය.

අසීරු කාලයේ දැඩි අරගලයක නිරත වී සිටිනු දුටු අප  වෙනුවෙන් අනෙක් රටවල සහාය ද ගත් බව ඇය කියා සිටියාය. නගරයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොමසාරිස් ධුරයේ කටයුතු සාර්ථකව නිමා කිරිමෙන් අනතුරුව ඈ දෙසැම්බර් මාසයේ එම තනතුරෙන් ඉවත්වීමට නියමිතය.  එක්සත් ජාතීන් සම්බන්ධකරක්ගෙන නගරයේ කිනම් වෙනස්කම් සිදු කළේ ද යන ප්‍රශ්නය ඇගෙන් විමසූ විට ඇය මෙසේ කියා සිටියාය.  “එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නියුතු අය අවුරුදු ගණනාවක් අපගේ නගරයේ වාසය කළ සැබෑ මිනිසුන්. මට අවශ්‍ය වූයේ ඒ අය මෙම නගරයට අයත් නිව්යෝක්වාසීන් ලෙස ඔවුන්ට සිතෙන්නට සැලැස්වීමයි. "එ.ජා. මගින් ඇතිවන වැඩදායි බලපෑම් පිළිබඳ පළමු වාර්තතාව අප නිකුත් කළා.  
නගරයට ඩොලර් බිලියන තුනක ආදායමක්  එක්සත් ජාතීන් විසින් ගෙන එන ආකාරය අප  එහිදී විස්තර කළා. එම නිසා පළමු මාවතේ නැගෙනහිර ස්වෛරි බිමක් ගොඩනගනවාට වඩා යමක් ලෙස නිව්යෝක් නගරවාසීන්ට එය දකින්නට හුරු කරන්නට හැකිවුණා." "ඒ මගේ නිරීක්‍ෂණ පමණයි. එහෙත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් ඇතුළු බොහෝ රාජතාන්ත්‍රික නිලධාරීන් බොහෝ දෙනෙක් වසංගතයේ මුල් මාසවල වාසය කළේ මේ නගරයේමයි. මා සිතන පරිදි එසේ වූයේ මගේ කාර්යාලයේ කටයුතු ඔස්සේ ගොඩ නගන ලද සම්බන්ධීකරණ නිසයි." තමාගේ ළමා කාලයේ විදි ගැහැට  පිළිබඳවද පෙනී අබේවර්ධන කියා සිටියාය.

එම ගැහැට ඔස්සේම තමා ශූර කාන්තාවක වූ අයුරු ඇය පවසා සිටියාය.

"මා සිහින දකින්නන් අතුරින් 1980 ගණන් වල බිහි වූ වර්ගයේ අයෙක්. මෙම නිලයෙන් නික්මයාමට සුදානම්ව මා දැන් ඒ ගැන  බොහෝ දේ සිතනවා. මට අවුරුදු හතරේ දී මගේ පවුලේ අය මා සමග ශ්‍රී ලංකාවේ   පැවති සිවිල් යුද්ධයෙන් නික්ම පලා ආවා. ඉන් පසු අපගේ සංචාරක වීසා කාලය ඉකුත්ව ගිය පසුත් අපි රැඳී සිටියා. ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර දශකයකට  කාලයක් ලියාපදිංචියෙන් තොරව මා ජීවත් වුණා. මට පුරවැසිභාවය ලබා ගන්නට මග පෑදුණ එකම හේතුව 1986 රොනල්ඩ් රිගන්  ගෙන ආ පොදු සමාවට අදාළ පනතයි.
(Amnesty Act 1986)

"දකුණු ආසියාතික ඇමෙරිකානු ප්‍රජාව අතර මම හැදී වැඩුණා. ස්වකීයයන් පිළිබද එම හැඟීම රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් තුල තිබීම වැදගත් යයි මා සිතුවා.  "මට අවුරුදු 16 දී මගේ මව තනි වූ මවක වූවා. මමත් මගේ සහෝදරයාත්, මවත් ගෘහස්ථ හිරිහැර වලට මුහුණ දී බේරුණු අයයි. අපි එකල හරිම දුප්පත්, එහෙත් ඇය අප උදෙසා සතියට දවස් හතක් කඩිසරව වැඩ කළා. මම පවා වැඩ කරන්න පටන්ගන්නෙ අවුරුදු 14 දී ඇයට උදව්වෙමින්."  "එය වෙහෙසකර ජීවිතයක් එහෙත් ජීවිත අත් දැකීම් සියල්ල නිසි අතට යොමුකරනවා  නොවේද? සංවේදී වන්නට උත්සාහ කරන මිනිසුන් සමග බොහෝ න්‍යයික කරුණු සාකච්ඡා කරන්නට පෙළඹුනා. ඒවා අතිශයින් ඵලදායී. එහෙත් එම අත්දැකීම් හරහා යනවිට

කාන්තාවගේ හා කෙල්ලකගේ සටන ඇතුලාන්තයෙන් වූ හැගීම් වලට සම්බන්ධවන්නක්."  


සටහන - හැල හැප්පීම් වලට භාජනය වූ පුද්ගලයකු යනු සාර්ථකත්වය කරා යන අධිෂ්ඨානයෙන් යුක්ත පුද්ගලයකු වේ යන  අර්ථය ඇති ඇමරිකානු කියමනක්ද වේ.  Sunday Times ඔක්තෝබර් 10 වැනිදා  පුවත්පතේ පළවූ "Lankan Annerican Penny emerges asacity leader in New york Bed පරිවර්තනයයි.
(සමන් පුෂ්ප ලියනගේ)