Peoples-Bank-of-Sri-Lanka-blacklisted-china

මෑතකදී සිදු කළ පොහොර සම්බන්ධ ගනුදෙනුවේදී විශ්වාසය ඉඩකළැයි චෝදනා මත ඉදිරියට වැඩ නොකරන බව දන්වා චීනයේ වාණිජ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන බැංකුව (peoples bank) අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවයි.


චීන අමාත්‍යාංශ වෙබ් අඩවියක් වන lk.mofcom.gov.cn, දන්වා ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේදී මහජන බැංකුව විසින් නිකුත් කරන ලද L/C පිළිගැනීමෙන් වළකින ලෙස චීන ව්‍යවසායකයන්ට ඉදිරියේදී මතක් කර දෙන බවය.

Qingdao Seawin Biotech සමාගමේ ඔක්තෝබර් 26 වන දින නිකුත් කරන ලද  මාධ්‍ය ප්‍රකාශයෙන් පසුව මෙම නිවේදනය නිකුත් විය.
“මෑතකදී, ශ්‍රී ලංකා මහජන බැංකුව, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී චීන ව්‍යවසායකයන්ට විශාල අලාභයක් ඇති කරමින්, L/C පැහැර හැරීමේ දරුණු සිදුවීමක් සිදුකර තිබේ. මෙම බැංකුව දැන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කරනු ඇත.“ එහි දැක්වේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව මහජන බැංකුව පවසන්නේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් ගෙවීම් නතර වූ බවය.

අධිකරණයේ ඉදිරි තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව දැනුම් දී තිබේ.