private-sector-age

පෞද්ගලික අංශ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අවුරුදු 57 , 59 හා 60 ලෙස නීතිගත කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


දැනට පවතින 55 අවම වයස් සීමාව සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා මෙම වසරේ මාර්තු මස 23 වැනි දින සිට නෛතික කාරණා ඇරඹූ අතර
එම වයස නීතිගත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට නීතිපතිවරයා දන්වා තිබුණි.

ඒ නව පනතක් අවශ්‍ය නිසාය.
සේවකයන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පත, ගැසට් පත්‍රයේ පළ කිරීමට මේ අනුව අවශ්‍ය විය.
මූලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේ කමිටුවේදී සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා විය.
මෙම පනත ක්‍රියාත්මක වන දිනට වයස අවුරුදු 55 සම්පුර්ණ වන සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 දක්වා 52 -55  සේවකයින් සහ වයස අවුරුදු 59 දක්වා සහ 52ට අඩු සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා වෙනස් කර ඇත. මෙම වයස් සීමා සේවකයින්ගේ හා හාම්පුතුන්ගේ කැමැත්ත පරිදි ආයතන රෙගුලාසි අනුවද යමින් සිදුවනු ඇත.