ස්කොට්ලන්තයේ පළවන ලොව දීර්ඝතම ජාතික පුවත්පත වන The Herald , ලෝකයේ අටවැනි පැරණිතම දිනපතා පුවත්පත වන අතර, ස්කොට්ලන්තයේ ඉහළ ලෙස සංසරණය වන බ්‍රෝඩ්ෂීට් පුවත්පත් වලින් එකකි. මෙම පුවත්පතේ පසුගිය සතියේ 26 වනදා දෙමළ ඩයස්පෝරාවේ මුදලින් දැන්වීමක් පළව තිබුණි. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරයට එරෙහිවය.




‘යුද අපරාධ සහ ජන සංහාර සම්බන්ධයෙන් විශ්වාසනීය ලෙස චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ග්ලාස්ගෝ වෙත පැමිණෙන බවට ස්කොට්ලන්තයේ ජනතාවට අනතුරු අඟවා දන්වා සිටිය යුතුය‘ යනුවෙන් එහි දැක්වේ.ජනපතිවරයා හැඳින්වීමට ‘ද ටර්මිනේටර්‘ යන වදන ඔවුන් යොදා තිබුණි.
2021 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා රාජපක්ෂ මහතා පළමු වරට එක්සත් රාජධානියට පැමිණෙන අවස්ථාවේ ග්ලාස්ගෝ හි විරෝධතා සැලසුම් කර ඇත,දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ අන්තවාදී පිරිස් බහුල වශයෙන් වාසය කරන්නේ එක්සත් රාජධානියේය.
එම දැන්වීම මේ සමග පළවේ.