ඇෆ්ගනිස්තානයේ හිටපු ආරක්ෂක ඇමතිවරයෙකු වන අබ්දුල් රහීම් වර්ඩාකගේ පුත්‍රයෙකු වන දාවුද් වර්ඩාක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි සුප්‍රසිද්ධ බෙවර්ලි හිල්ස් ප්‍රදේශයෙහි  එක්සත් ජනපද ඩොලර් මිලියන 20.9ක වටිනාකමින් යුත් දේපළක් මිලදී ගෙන ඇතැයි මාධ්‍ය වාර්ත අනාවරණය කර සිටියි.

1977 වසරේදී උපත ලබා ඇති දාවුද්වර්ඩාක් වසර ගණනාවක් පුරා ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන  අතර, පෂ්තුන් සරණාගතයෙකු ලෙස ඔහු තමන්ව හඳුන්වාදී ඇතැයි සඳහන් වෙයි. එසේම ඔහු අද වනවිට ෆ්ලොරිඩාහි මියාමි නගරයේ පිහිටි AD Capital Group නම් සමාගමේ සභාපතිවරයා බවද පැවසෙයි.

ඒ අනුව ඔහුට මියාමි වෙරළේ පිහිටි ඩොලර් මිලියන 5.2ක් වටිනා සංචාරක නිකේතනයද හිමිව ඇතැයි සඳහන් වෙයි.. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය යටතේ ඇෆ්ගනිස්තානය තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ක්‍රියාත්මක කෙරුණු 2004 සිට 2012 කාලය දක්වා අබිඳුල් රහිම් වර්ඩක් එන්න ආරක්ෂක අමාත්‍යවරයාව සිටියේය. හිටපු මුජහිදීන් සටන්කරුවෙකු වූ ඔහු ඇමරිකානු සහායද සමග ඇවිතාන ජාතික හමුදාව ගොඩනැගීමේ මූලිකත්වය ගත් අයෙකු රහීම් විය. කෙසේවෙතත් පසුගිය අගෝස්තුවේදී කිසිදු සටනකින් තොරව ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන්වරුන් අතට පළ කළේද ඔහු පිහිටවූ මෙම ඇෆ්ගනිස්තාන ජාතික හමුදාවම බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.