afganisthan-beat-namibia

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ තරග වටයේ Group 2 කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය සහ නැමීබියාව අතර පැවති තරගයෙන් ලකුණු 62 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා.





අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 160 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වූ අතර පිළිතුරු ඉනිමේදී නැමීබියාව ලබාගත්තේ 98 ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්ථාන කණ්ඩායම Group 2 කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.


ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල Mohammad Shahzad පන්දු 33 ක් තුළ ලකුණු 45 ක් රැස් කිරීමට සමත් වුණා, Hazrathullah ලකුණු 33 ක් සහ Asghar Afghan ලකුණු 31ක් සමග ඇෆ්ගනිස්ථාන නායක මොහොමඩ් නබී පන්දු 17ක් තුළ වේගවත් ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Ruben සහ nicol අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර JJ Smit කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.
නැමීබියා වෙනුවෙන් David ලකුණු 26 ක් රැස්කිරීමට සමත්වූ අතර nicole ලකුණු 14ක් රැස් කිරීමට සමත් වුණා.

අද තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ naveen සහ Hamid කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූ අතර Naib කඩුලු දෙකක් සහ රෂීඩ් ඛාන් එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව අද ජයග්‍රහණයත් සමග Group 2 කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූයේ පකිස්ථානයට පමණක් දෙවැනි වෙමිනි.

එමෙන්ම අද තරඟයේ සුවිශේෂී සිදුවීමක් බවට පත්වූයේ මේ වන විට ලෝකයේ වැඩිම විස්සයි විස්ස තරඟ ජයග්‍රහණ ගණනකට හිමිකම් කියන නායකයා වන හිටපු ඇති ඇෆ්ගනිස්ථාන නායක Asghar Afganගේ අවසාන විස්සයි විස්ස තරගයද අදට යෙදී තිබීම හේතුවෙනි.

ඔහුට ගෞරව කිරීමක් වශයෙන් අද තරඟයේ තරගයේ වීරයා බවට පත්වූ Naveen Ul Hq ඔහුගේ තරගය වීරයා සම්මානය Asgarට පිරිනැමීමද විශේෂිතය.
තර ගයේ ලකුනු පුවරුව හා ප්‍රසාද ලකුණු සටහන පහතින්