තම පක්ෂයේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉවත් කළ බව අපේ ජන බල පක්ෂය පවසයි. එම පක්ෂයේ ජාතික සංවිධායක
ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසුවේ විනය පරීක්ෂණයට සහභාගී නොවූ බැවින් උන් වහන්සේ පක්ෂයෙන් ඉවත් කළ බව මැතිවරණ කොමිසමටද දැනුම්දී ඇති බවයි.
සිය පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් සීමිත කාලයකට උන් වහන්සේව පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන ලද්දේ පක්ෂයේ තීරණයක් මත වන නමුත් පසුගිය කාලයේ පක්ෂයේ මතයට පටහැණි ලෙස පාර්ලිමේන්තුවේදී උන් වහන්සේ හැසිරී ඇති බවත් ඒ වැරදි සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස අවස්ථා ගණනාවකදී දන්වා ඇතත්
උන් වහන්සේ ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බවත් සඳහන් කරන ආචාර්ය සුසන්ත අවසානයේ පක්ෂ ව්‍යවස්ථාව අනුව උන් වහන්සේගේ හැසිරීම ගැන විනය පරීක්ෂණයක් පවත්වන ලද නමුත් එයටද නොපැමිණ මගහැරීම නිසා විනය කඩ කළ අයෙකු ලෙස සලකා පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බව දන්වා සිටියේය.
0 Comments