මේ දිනවලආන්දෝලනයක් මතුකරමින් වාර්තාවන ලංකා සතොස ආයතනයේ සිදුව ඇති බව කියන සුදුළූණු වංචාවට අදාළ ප්‍රධාන සැකකරුවෙකු අද දින අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි.
සුදු ලූනු වංචා සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මුලින්ම පරීක්ෂණ ආරම්භ කර පසුව එය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු සුදුලූනු තොගය මිලදී ගත් බව කියන අයයි.
එලෙස මිලට ගෙන යළිත් වැඩි මුදලකට සතොසට ආයතනයට අලෙවි කර ඇත්තේ ඔහුය.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු හෙට (7) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දුන්නේය.
0 Comments