මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළගොස් ඇත්තේ මුදල් අච්චු ගැසීම නිසා නොවන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම භාණ්ඩවල මිල ඉහළයෑමට බලපා ඇත්තේ රුපියලේ අගය සහ පිටරටවල භාණ්ඩ මිලෙහි සිදුවූ වෙනස්කම් බවය.
ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව පැවසීය.
ඔහු අලුතින් මහ බැංකුවේ මුල් පුටුවට පත්වූ පසු කෙතරම් මුදල් අච්චු ගසා ඇතිදැයි ඇසූ පැනයට ඔහුට එම ගණන මතකයක් නොවූ අතර මෙසේ කීය.
“ඔබ මහ බැංකුවේ වෙබ් අඩවියට ගියොත් තොරතුරු දැනගන්න පුළුවන්, කොතරම් ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා තියෙනවාද කියලා. “
එය තවත් පැහැදිලි කරමින් මෙසේ දන්වා සිටියේය.
“මොකද අපිට ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යනවා දකින්න. අපි ඒක ගැන අවධානයෙන් කළමනාකරණය කරමින් ඉන්නේ. තෙල්, ගෑස් මිල වැඩිවුණේ මුදල් අච්චු ගහලා නෙමෙයි. වැඩිවෙන්න හේතුව සැපයුම් බලපෑම්. රුපියලේ අගය වෙනසක් නිසාත් යම් දෙයක් තියනවා සහ පිටරටවල වෙනස්කම් ඊට බලපෑවා.”
0 Comments